ගුවන් ටිකට්පත් වංචාවට වසර 14ක් හිරගෙට

247

මෙයට වසර 18කට පමණ පෙර පෞද්ගලික ආයතනයකින් ගුවන් ටිකට්පත් ලබාගෙන රුපියල් මිලියන දෙකකට අධික මුදලක් වංචා කිරීම ඇතුළු අධිචෝදනා 11කට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (29 දා) බරපතළ වැඩ සහිත වසර 14ක සිරදඬුවම් හා රුපියල් තුන්ලක්ෂ නවදහසක දඩයක් නියම කළේය.

පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව නඟා ඇති අධිචෝදනා සියල්ලම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.

මොහොමඩ් සක්‍රියා නමැති එම විත්තිකරු 2006.08.24 හා 2006.10.30 වැනිදා කාලය අතරතුරදී කිරුළපන ප්‍රදේශයේ පිහිටි ට්‍රැවල් කනෙක්ෂන් නමැති ආයතනයට අගරු චෙක්පත් ලබාදී එම වංචාව සිදුකර ඇතැයි පැමිණිල්ලෙන් කියැවිණි. විමර්ශන සිදුකළ කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙනුවෙන් පොලිස් සැරයන් ආර්.ඩී.ඒ. රත්නායක (69057) මහතා පෙනී සිටි අතර රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා පැමිණිල්ල මෙහෙය විය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment