නොසැලකිලිමත් රෙජිස්ට්‍රාර්ලාට වැඩ වරදී

778

නීතිමය පියවර ගන්නැයි රාජ්‍ය ඇමැතිගෙන් උපදෙස්

උප්පැන්න, විවාහ, මරණ සහතික ලිවීමේදී සැලකිල්ලෙන් කටයුතු නොකරන රෙජිස්ට්‍රාර් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලිවීමේදී ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවත් ඇතැම් අවස්ථාවල නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා දෝෂ සිදුවන බවට දැනගන්නට ලැබෙන බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පසුගිය 06 වැනිදා පැවැති සාකච්ඡාවකදී රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.

උප්පැන්න, විවාහ හා මරණ සහතිකවල මුල් පිටපත්වල දෝෂ වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද ඒ මහතා විසින් දැනුම් දී ඇත.

මෙම සාකච්ඡාවට රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ. ඩී. ඩබ්ලිව්. කුමාරසිංහ යන මහත්වරුන් සමඟ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුරවේ ඉහළ නිලධාරීහු එක්ව සිටියහ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment