පළමු පොපි මල ජනාධිපතිට

168


ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් පළඳවනු ලැබීය.
පොපි මල් අලෙවියෙන් ලැබෙන ආදායම විශ‍්‍රාමික හා ආබාධිත රණවිරුවන්ගේ සුබසාධනයට වෙන් කෙරේ.
ශ‍්‍රී ලංකාවේ පොපි සැමරුම වර්ෂ 1944 දී ආරම්භ කොට ඇති අතර මෙවර පොපි මල් සැමරුම සිදුකරන්නේ 77වන වරට ය.

advertistmentadvertistment
advertistmentadvertistment