ඩීසල් ගන්න පෝළිමේ සිටි පුද්ගලයා ටිපර් රථය තුළම මරුට

309

බටගොඩ ඉන්ධන පිරවුම්හලේ ඩීසල් ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටි පුද්ගලයකු එම රථය තුළම මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සංඝරත්න මාවත, මධ්‍යම අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි වීරප්පුලිගේ සුනිල් නමැති පුද්ගලයෙකි.

බුලත්සිංහල පොලිස් බලප්‍රදේශයේ උක්වෙල් කන්ද රබර් කර්මාන්ත ශාලාවේ ටිපර් රථ සහායකයකු ලෙසින් සේවය කරන ඔහු ටිපර් රථයට ඩීසල් ලබාගැනීම සඳහා රැඳී සිටියදී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා පෙරදින රාත්‍රි ආහාරය ලබාගෙන අසල සිටි අය කිහිපදෙනකු සමග කතාකරමින් සිට නිදාගැනීම සඳහා ටිපර් රථයට නැග තිබේ. ඊයේ

(23 දා) උදෑසන සොයා බැලීමේදී රථයේ ඉදිරිපස වම් අසුනේ මියගොස් සිටිනු දැක පොලිසිය දැනුවත් කර ඇතැයි පැවසේ.

අඟුරුවාතොට ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.

චන්දන පෙරේරා – ගල්පාත

advertistmentadvertistment
advertistmentadvertistment