චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් සහ ජාජබ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක්

84

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ඊයේ (23දා) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා හමුවිය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් සහ ජාජබ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක්

චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සලර් Chen Xiangyuan, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Jinyan, නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් Jin Yan, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙ තෙවැනි ලේකම් Jin Enze හා භාෂා පරිවර්තක Zhang Guyu යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධායක සභිකයින් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති යන අයද එක්ව සිටියහ.

මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ වර්ධනය විය හැකි දේශපාලන තත්ත්වයන් පිළිබඳව විශේෂයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment