අන්තර් පළාත් පාපන්දු තරගාවලිය 25 වැනිදා ඇරඹෙයි

69

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් අභිනවයෙන් හඳුන්වාදී ඇති අන්තර් පළාත් ශූරතා පිරිමි පාපන්දු තරගාවලියේ සමාරම්භය ලබන අ`ගහරුවාදා (25* කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට සංවිධායකයන් වන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

එළඹෙන පෙබරවාරි මස 28 දින දක්වා ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක කෙරෙන ආරම්භක තරගාවලියට සහභාගි වීමට නියමිත පළාත් කණ්ඩායම් සංඛ්‍යාව 08 කි. උතුරු මැද පළාත සහ වයඹ පළාත එක් කණ්ඩායමක් ලෙස මෙවර තරගාවලියට අවතීර්ණ වීම විශේෂත්වයකි. බස්නාහිර, මධ්‍යම, උතුර, ඌව, දකුණ, සබරගමුව සහ නැගෙනහිර මෙවර තරගාවලියට සහභාගි වන සෙසු පළාත් කණ්ඩායම් වෙති.

එක් පළාතක් තුළ තරග 04 බැගින් පැවැත් වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

වත්මන් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන පළපුරුදු ක‍්‍රීඩකයන් මෙන්ම ජාතික සංචිතයට අයත් ක‍්‍රීඩකයන් සහ තවත් යොවුන් ක‍්‍රීඩකයන් රැසක් මෙවර තරගාවලියට එක්වීමට සූදානම් ව සිටී. මෙම පළාත් කණ්ඩායම් සඳහා සුදුසු ක‍්‍රීඩකයන් තෝරා ගැනීම පෙරේදා ඉරිදා (16* අවසන් කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගත් අතර ඔවුන් ස්ථිර පදිංචි ප‍්‍රදේශය අයත් පළාත නියෝජනය කරමින් මෙවර තරගාවලියට අවතීර්ණ විය යුතුය.

මෙම තරගාවලියෙන් අනතුරුව ජාතික සංචිතයේ පුහුණු කිරීම් ආරම්භ කිරීමට ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

පසුගිය 2021 වසරේ දකුණු කොරියාවේ දී පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් තෝරා ගැනීමේ දෙවන වටයට මෙන්ම බංග්ලාදේශයේදී පැවති දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියට හා කොළඹ දී පවත්වන ලද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන සිව් කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියට සහභාගි කරවන ලද ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයන් මේ වනවිට විසුරුවා හැර තිබේ. ඒ මෙවර පළාත් ශූරතා පාපන්දු තරගාවලියට සහභාගි වීමට අවස්ථාව උදාකර දීම උදෙසාය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment