සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නයන් දැයෙන් සමුගනී

173

සර්වෝදය ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා ඊයේ (16දා) අභාවප්‍රාප්ත විය. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ආරියරත්න මහතා මියයන විට 92 වැනි වියේ පසුවිය. දකුණු ලක උපත ලබා ප්‍රාථමික අධ්‍යාපනය තම ගම් පියසෙන් ලැබූ හෙතෙම පසුව ද්විතියික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද, උසස් අධ්‍යාපනය විfiා්දය විශ්වවිද්‍යාලයෙන් ද ලැබීය. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ගුරු වෘත්තිය ආරම්භ කළ ඔහු සමාජයේ අඩු සැළකිලි ලැබුණු ජනතාවට සිය ශ්‍රමය ද කැප කරමින් චින්තන ශක්තිය ඔවුන් හා බෙදාගනිමින් ගම සංවර්ධනය කිරීමට සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාර රටට නව මාවතක් පෙන්වා දීමට පුරෝගාමී වූයේය. වසර 63කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය හැටියට ජාත්‍යන්තර සම්මානයට ද පාත්‍ර වෙමින් ඔහු කළ මෙහෙවරට 1969දී ප්‍රජා නායකත්වය සඳහා පිරිනැමෙන පිලිපීනයේ රැමන් මැක්සයිසේ සම්මානය ද, 2007දී ශ්‍රී ලංකාව පිරිනැමූ ඉහළම සම්මානය ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ද, 1982දී සාමය හා මානව පැවැත්ම උදෙසා කරන ලද මෙහෙවරට බෝඩේයින් රාජ්‍ය සම්මානය ද ඇතුළු දෙස් විදෙස් ගෞරවයන්ට හෙතෙම පාත්‍ර වෙමින් අප රටට ඉමහත් කීර්තියක් අත්කර දීමට කටයුතු කළේය. ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment