ජ්‍යොතිෂයේ කාම ත්‍රිකෝණය

2319

ජ්‍යොතිෂයේ කාම ත්‍රිකෝණය කිව්වම ඔබට යම්කිසි සිතුවිල්ලක් පහළ වුණා නේද? ඔබ හිතුවා තරමක් නිවැරදියි. ඒත් සම්පූර්ණයෙන්ම නොවේ. කාමය මනුෂ්‍ය වර්ගයාට සතා සිව්පාවට නැතුවම බැරි එකක්.

සිප්සතර හමාර කරල නිසි වයසට පැමිණි විට තමන්ට සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගැනීම සාමාන්‍ය දෙයක්. ඒ ස්වකීය වර්ගයා බෝකිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් කරන එකක්. සත්වයාට ඒ චේතනාව නැහැ. අවස්ථානුකූලව තාවකාලිකව කාමාශාව සංසිඳවා ගැනීමටයි සතාට අවශ්‍ය වන්නේ. ඒත් හස්ති වගේ අය හරි සංකීර්ණයි. මනුෂ්‍යයාට එහෙම බැහැ. මරණයට පත්වන තෙක් එක් අයෙක් සමඟ පමණක් තම වර්ගයා බෝ කරමින් ජීවත්වීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. එසේ නම් සතුට සමාදානය, දියුණුව වැනි දේවල් බලාපොරොත්තුවිය යුතුමයි. අද දින සහකරු සහකාරිය හෙට දිනයේ මව හා පියා වශයෙන් වගකීම කළ යුතු වනවා. එය ස්වකීය ජීවිතය වනවා. මෙවැනි සුභ කරුණු ලබාගැනීමට නම් සුදුසු විවාහයක් කරගත යුතුම වනවා. ඔබට විවාහයක් හිමිද? දිගු කලක් පවතීවිද? විවාහයෙන් පසු වාසනාවන්ත දරුවෝ ලැබේවිද? කොහොමද මේවා දැනගන්නෙ. ඔබ පසුතැවිලි විය යුතු නැහැ. මේ ඔක්කොම ඔබේ නිවැරදි ග්‍රහචාරය සඳහන් කරල තිබෙන කේන්දරයේ තිබෙනවා. එහෙම නිවැරදි කේන්දරයක් තිබිලත් විවාහය වැරදුනේ ඇයි. ජ්‍යොතිර්වේදයට වැරදුනා වත්ද? නොදන්නා කමවත්ද? මෙවැනි කරුණු රාශියක් ගැන අද දැනගනිමු. සුදුසු වයසට එළැඹුනාම විවාහය ගැන පරීක්‍ෂා කරවා ගන්ට ජ්‍යොතිර්වේදියා ළඟට යනවා. සාමාන්‍යයෙන් විවාහය ගැන බලන්නෙ 7 වන රාශිය විවාහක ස්ථානය පරීක්‍ෂා කරලා. ඒක ඇතිද. විවාහය වඩා ප්‍රීතිමත් වන්ට මුදල් ඕනෑ. එහෙනම් 2 වැනි රාශියත් බැලුවා. ඔබ දැනගෙන හිටියද 2 හා 7 රාශි වෙන වෙනම ගත්තොත් යහපත හා සුභ වගේම 2 හා 7 එකතු වුණොත් මරණය කියලා. මේවා දැනගන්න ඕනෑ. දක්‍ෂ ජ්‍යොතිර්වේදියට ඇස් තුනක් තිබෙනවා. ඊශ්වරයා තුන්වැනි ඇසින් බලලා යමක් අලුකරනවා හෝ විනාශ කරනවලු. ජොතිර්වේදියා තුන්වැනි ඇසින් බලලා අලුත් දෙයක් කියනවා. නැත්නම් හොයාගන්නවා. විවාහය කාමය කියන කොටම චන්ද්‍රයා නැත්නම් සඳු අමතක කරන්නට බැහැ.

අපට සාමාන්‍ය අසනීපයක් හැදුනාම පවුලේ වෛiවරයාව හමුවුණාට ඉන් අසනීපය සුව නූනොත් විශේෂඥවරයාව හමුවන්ට වනවා. විවාහය ප්‍රමාද නම් කවදද හරියන්නේ කොහොම එකක්ද, කොයි දිසාවෙන්ද කරුණු රාශියක් බලාගන්ට ඕනෑ. එහෙනම් කාම ත්‍රිකෝණය පරීක්‍ෂා කරගන්න. ඕනෑම කේන්දරයක එළියට නොඑන කරුණු මේ ත්‍රිකෝණයෙන් එළියට එනවා. ඒ විවාහය ගැනයි ඕනෑම කේන්දරයක තුන්වැනි රාශිය, 7 වන රාශිය, 11 වැනි රාශිය එනම් 3-7-11 එකතු කරන්න. එතකොට යම්කිසි ත්‍රිකෝණයක් හැදේවි. ඔන්න ඔය ත්‍රිකෝණයට තමයි කාම ත්‍රිකෝණය කියන්නේ. ඕනෑම විවාහයක බලවත්තු තමයි චන්ද්‍රයා, සිකුරා, අහඟරුවා, චන්ද්‍රයා සතුට දෙනවා සිකුරා කාමය දෙනවා. අඟහරුවා ඉක්මන් කරනවා. අනිත් පැත්තත් ඔච්චරයි.

දැන් ඔබට ටිකක් අවබෝධ වුණා නේද? ආධුනික ජ්‍යොතිර්වේදීන් දැන් මේවා වැරදි විදියට පාවිච්චි කරල හොඳට තිබුණ විවාහ කඩල දමන්න එපා. දක්‍ෂ ජ්‍යොතිෂර්වේදියා සානුකම්පිතව ධනාත්මකව හිතන්න ඕනෑ. නරක ග්‍රහචාරයක් පිහිටලා නම් ඒවාට සුදුසු පිලියම කරන්නත් ඕනෑ.

මුදල් අරගෙන හෝ නිවැරදිව ඒක කර දුන්නොත් මහඟු පිනක්. අපේ ඉදිරිය ගැන විශ්වාසය කරනවා මිස අපට පෙනෙන්නෙ නැහැ. රාශි වලින් 3,7,11 එකට පරීක්‍ෂා කළාම. විවාහය ගැනම විතරක් හරියට කියන්න පුළුවන්. හැබැයි ඒකට ගන්න ඕනෑ වෙන වෙනම බැහැ හොඳේ. මං හිතන්නෙ ජන්මියකුගේ කේන්දරයේ එක එක අයුරින් ග්‍රහයෝ ඒ ඒ තැන්වල පිහිටන්නෙ ඔහු හෝ ඇය කරන ලද කුසල හෝ අකුසල මහිමය උඩයි කියලා. එම නිසා අපි හැකි හැම විටම කුසල කර්ම කරන්න ඕනෑ. ලොකුම කුසලය තමයි අකුසලයෙන් ඈත් වන එක. සම්පූර්ණ විවාහයකට කාම ත්‍රිකෝණය පරීක්‍ෂා කළාමත් ඇති කියලා හිතන්න එපා. අපි දන්නවනේ ජ්‍යොතිෂයේ පලාඵල කියනකොට හරියට මැණික් ගලක වටිනාකම බලනව වගේ කරකව කරකවා බලනව වගේ ජ්‍යොතිෂයේ හැම කරුණක්ම එහාට මෙහාට දාලා බලන්න ඕනෑ. විවාහක ස්ථානය ගැන, ඒකේ අයිති කාරයාගේ හැටි, කාම ත්‍රිකෝණය හා ඒවායේ භාවාධිපතින්ගේ තත්ත්වය ඔන්න ඔය වගේ කරුණු කාරණා විස්තරාත්මකව බලන්න ඕනෑ. විවාහය කළාට මදි හොඳ දරු සම්පතක් උරුම පිරිමි දරුවොද වැඩි ගැහැණු දරුවොද? ඔය වගේ කරුණු රැසක් බලන්න ඕනෑ. එනිසයි මම කිව්වේ කේන්දරයක සම්පූර්ණ පලාඵලයක් ඔය පිංතූර පෙට්ටියේ කියනව වගේ විනාඩි 2 න් 3 න් කියන්න බැහැ කියලා.

පරිගණකයෙන් කේන්දරය හදන්නෙ ඔබ ජ්‍යොතිර්වේදයට දෙන වෙලාව මතයි. ඒ වෙලාව ටිකකින් හරි වැරදුනොත් ඉතින් ග්‍රහපිහිටීමත් වැරදියි. ඒක සාමාන්‍ය අයෙකුට වුණත් වැටහෙන බව දන්නවනේ. ළමයෙක් උපදින කොට මෙලොව එළිය දුටු වෙලාව වන්නම ඕනෑ. ඉපදිලා මෙලොව එළිය නුදුටුවා නම් ඒ වෙලාව වැරදියි. ඒ ගැනත් ඔබ ටිකක් විපරම් කරල ඉන්න ඕනෑ. මොකද දරුව ඔබේ නිසා සමහර අය උත්සාහ කරනව වෙලාව දීලා බබාව කෘතිම ක්‍රමයෙන් ගන්න. ඒක හරියන්නෙ නැහැ. ඔය අය ඒ මෝඩ වැඩේ කරන්න එපා. අපි උපදින්නෙත් මැරෙන්නෙත් අපි පතාගෙන ආ විදියටමයි. හොඳ වෙලාවක් බලලා ඒ වෙලාවට බබා ගන්න කියල ඔය පුද්ගලික රෝහල්වල වෛiවරුන්ට කියන්න එපා. ඒ අයට ගන්නත් බැහැ. ගත්තත් විකෘති දරු උපත් ලැබේවි. කුසලයට වඩා අකුසලය බරපතළයි. කොසොල් රජ්ජුරුවො කොච්චර බුදු පාද පත්ම පිරිමැද්දත් ටිකකට හරි නරක ලෝකයේ ඉපදුනේ එනිසා.

විවාහය පරීක්‍ෂා කරන කොට එහි කිසියම් අඩුවක් නැත්නම් ඝෘණාත්මක පැත්තක් දුටුවොත් ඒ ගැනම හිතන්න එපා. ඒක කැපෙන්න යහපත් දෘෂ්ඨි තිබෙනවද බලන්න. එහෙම තිබුණොත් අර අඩුව මැකේවි. අනික මුලදී ජන්ම පත්‍රය හදනකොට කේන්දරය සුද්ධ කරල ගන්න එතකොටයි නියම ග්‍රහචාරය ලැබෙන්නේ. කේන්දරයක් හරියට සුද්ධ කරල ගත්තාම හතර කේන්දරය පාලු ජන්ම පත්‍ර අහුවෙන්නෙ 49% යි. තව කරුණක් තමයි නැකැත් පොරොන්දම ජන්ම – විපත් – වද නැකතකට සීහුම් වුණා කියලා ඒවා පරීක්‍ෂා නොකර ඉන්න එපා. බොහෝදුරට මේ කාම ත්‍රිකෝණයෙන් ඒවා මහහැර යනවා. විවාහයකට මේ කාම ත්‍රිකෝණය හරි බලවත් බව අද දැනගන්න. කේන්දරයක ත්‍රිකෝණ 4 යි. ඉන් ප්‍රධානම එක කාම ත්‍රිකෝණයයි. විවාහ ගැන කාම ත්‍රිකෝණය සම්බන්ධ යමක් කියනකොට මේ ටිකත් මතකයේ තබාගන්න. ඔබේ පාර්ශ්වකරුගේ නැකත ගුරුට අයිති නම පළමු වැනි පාදයේ නම් ශනිට අයිති නම 2 වැනි පාදයේ නම් සිකුරුට අයිති නම් 3 වැනි පාදයේ නම්, රවිට අයිති නම් 1 වැනි පාදයේ නම් දරු සම්පත් අඩුයි. මේ නටාංශක යෝග.

පාරම්පරික ජ්‍යොතිෂවේදී, ගුප්තවිද්‍යාධර
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
මොරටුව 0779870007/0722174553

advertistmentadvertistment
advertistmentadvertistment