පැසිපන්දු පිරිමි ශූරතාව කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට

62

ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 20 න් පහළ සමස්ත ලංකා පාසල් පැසිපන්දු ශූරතාවලියේ ශූරතාව කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය දිනා ගන්නා ලදී.

ඉකුත් 21 ඉරිදා පස්වරුවේ ශාන්ත ජෝශප් විදුහල් පැසිපන්දු පිටියේදී පැවති උද්වේගකර අවසන් මහා තරගයේදී ලකුණු 59-56කින් බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය පරාජය කිරීමට ශාන්ත ජෝශප් විදුහල සමත් විය.

ශාන්ත ජෝශප් විදුහලේ මෙතික ජයසිංහ, තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස නම් කෙරුණු අතර දක්ෂතම ආරක්ෂක ක්‍රීඩකයා ලෙස එම විදුහලේම අභය ගජමංගේ සහ හොඳම ප්‍රහාරක ක්‍රීඩකයා ලෙස ශාන්ත පීතර විදුහලේ අයුබ් ෂිහාම් පදක්කම් සහ සම්මාන දිනා ගත්හ.

ජයග්‍රාහී ශාන්ත ජෝශප් විදුහල් කණ්ඩායම

වමේ සිට දකුණට (සිටගෙන)

ඩැරන් බර්නාඩ්, ඔවින් මාටිනෝ, ඒරන් ජෙරල්ඩ්, ඒඩි්‍රයන් විජයවර්ධන, දම්කෙත් දම්මලගේ, චමිඳු විජේසිංහ, ඒඩි්‍රයන් ගුණසේකර, මෙතික ජයසිංහ, චරක පෙරේරා, අභය ගජමංගේ

වමේ සිට දකුණට (අසුන් ගෙන)

රොෂාන් රන්දිම මහතා (පුහුණුකරු), හේමාල් ප්‍රනාන්දු මහතා (කණ්ඩායම් භාර ඇදුරු), කවීන් ද අල්මේදා (උප නායක), රංජිත් අන්ද්‍රාදි පියතුමා (විදුහල් අදියුරු) රෝහිත රුද්‍රිගු (ශාන්ත පීතර විදුහල් අදියුරු සහ ශ්‍රීලංකා පාසල් පැසිපන්දු සංගමයේ සභාපති ), සමේෂ් ඇන්තනි පියතුමා (ක්‍රීඩා අංශය භාර), මනෙත් පෙරේරා (නායක), ෂේන් ඩැනියෙල් මහතා (පුහුණුකරු)
හැඳල – ජේ. ස්ටැනිස්ලස් පයස්

advertistmentadvertistment
advertistmentadvertistment