නියෝජ්‍ය පොලිස්පතිවරුන් 8කට ස්ථාන මාරු

216

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ජී. එම්. එච්. බී. සිරිවර්ධන මහතා ප්‍රවාහන හා ස්වදේශ දිශාව සිට පොලිස් මූලස්ථාන දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති කේ. කඩුපිටිය මහතා බස්නාහිර පළාත (දකුණ) දිශාව සිට ප්‍රවාහන හා සංදේශ දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති එච්. සමුද්‍රජීව මහතා කිලිනොච්චි දිශාව සිට බස්නාහිර පළාත් (ප්‍රජා පොලිස් පරිසර ආරක්ෂණ, මහජන සාමය කළමනාකරණ) දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතා වන්නි දිශාව සිට අපරාධ දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති ඩී. ජී. එස්. ද සිල්වා මහතා පොලිස් මූලස්ථාන දිශාව සිට කිලිනොච්චි දිශාවටද, නියෝජ්‍ය පොලිස්පති එස්. ඩී. විජේසේකර මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිට වන්නි දිශාවට ද ස්ථාන මාරුකර ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment