රිජ්වේ රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍රය නවතී

63

දරුවන්ගේ පරීක්‍ෂණ ඇන හිටීමෙන් අර්බුදයක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍රය ඉකුත් 08දා සිට අක්‍රියවීම හේතුවෙන් රෝගී දරුවන්ගේ ස්කෑන් පරීක්‍ෂණ සේවාවන් සම්පූර්ණයෙන්ම ඇනහිට දැඩි අර්බුදයක් මතුව ඇතැයි, රජයේ විකිරණ විද්‍යා තාක්‍ෂණවේදීන්ගේ සංගමය පවසයි.

මෙම යන්ත්‍රයට අදාළ වාර්ෂික සේවා ගිවිසුම් යථාවත් කිරීමට බලධාරීන් පියවර නොගැනීම නිසා යන්ත්‍රය අලුත්වැඩියා කර ගැනීම බරපතළ තත්ත්වයක් බවට පත්ව ඇතැයි එම සංගමයේ සභාපති, චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (10දා) පැවසීය.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දිවයින පුරා රෝහල්වලින් ප්‍රතිකාර සඳහා දිනපතා දරුවන් විශාල පිරිසක් යොමු කරන අතර පවතින තත්ත්වය හමුවේ සී. ටී. ස්කෑන් පරීක්‍ෂණ සිදු කිරීමේ හැකියාවක් නොමැතිකමින් දැඩි අවදානමක් මතුව ඇතැයි ද ඒ මහතා පැවසීය.

එමෙන්ම මේ වනවිට රජයේ රෝහල් සතු ‘පෙට් ස්කෑන්’ යන්ත්‍ර දෙකෙන් ජාතික රෝහලේ යන්ත්‍රය ද ඇනහිටීමෙන් පරීක්‍ෂණ කටයුතු නවතා දමා ඇති බවත්, එහි සේවය කළ නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනකු සේවයෙන් විශ්‍රාම ගැනීම සහ විදේශගතවීම මෙයට බලපා ඇති බවත් චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment