මම කළේ වරදක් නම්…. කංසා නීතිගත කරන්න කතා කරන අයටත් පියවර ගන්න

4592

අත්අඩංගුවට පත් මහාචාර්යවරයා ‘දිවයින’ ට කතා කරයි

කංසා නීතිගත කළ යුතු බවට ඇතැම් මහජන නියෝජිතයන් පවා පාර්ලිමේන්තුව තුළ කතා කරද්දී ‘කංසා’ ගැන තොරතුරු ලබාදීමට ඒ පිළිබඳව පර්යේෂණ කරන ආචාර්ය උපාධියක් ඇති අයකුට නොහැකි මන්දැයි තමා බලධාරීන්ගෙන් ප්‍රශ්න කරන බව මහාචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා ‘දිවයින’ට ඊයේ (22දා) සඳහන් කළේය.

මා විසින් වසර 5ක් තිස්සේ එකතු කළ කංසා ශාකයේ විවිධ කොටස්වලින් නිපදවන ලද ඇඳුම්, අත්කම් භාණ්ඩ, රසකැවිලි, රූපලාවණ්‍ය හා බෙහෙත් වර්ග, ආහාර පාන ඇසුරුම් ඕනෑම කෙනකුට නිරීක්ෂණය කරන්න දැක බලා ගන්න පුළුවන් යැයි ද ඔහු පැවසීය.

‘කංසා’ ප්‍රවර්ධනයට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය මඟින් ශරීර ඇපයක් මත දැනට මුදාහැර ඇති මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.

මා සතුව ඇති එම භාණ්ඩ ජනපති කාර්යාලයට ගොස් විශේෂඥ කමිටුවක් ඉදිරියේ පෙන්නුවා. රූපවාහිනි නාළිකා කිහිපයක් හරහා ද පෙන්නුවා. මා සොරකමක් හෝ අපරාධයක් කර නැහැ. එහෙම නම් කංසා නීතිගත කරන්න එදා මෙදාතුර කෑ ගසන දේශපාලන නියෝජිතයන් ද සිවිල් අය ද වරදකරුවන් විය යුතුයි? එහෙත් ඔවුනට එවැන්නක් කර නැහැ.

“54 වැනි වගන්තිය අනුව මා අත්අඩංගුවට ගත් බව කීවා. ‘කංසා’ තහනම ඉවත් කළ යුතුයි. ඉන් රටට ආර්ථික ප්‍රයෝජන ගත හැකි යැයි පළමුව කියන පුද්ගලයා මා නොවෙයි. ඔවුනගේ නම් දීර්ඝව ඉදිරිපත් කළ හැකිය. අණපනත්වල සංශෝධන නැතිකමින් පර්යේෂකයන් පවා අද පීඩාවට පත්වෙලා. මා වෙනුවෙන් උත්තරීතර අධිකරණය යුක්තිය ඉටු කරාවි යන විශ්වාසයක් මා තුළ තිබේනවා”යැයි ද මහාචාර්යවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment