පාස්කු ඝාතකයා මම දන්නවා – උසාවියට රහසින් කියන්නම්

230

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ කවුද කියා තමන් හොඳින්ම දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවරදී පෙරේදා (22දා) සඳහන් කළේය. එම ප්‍රහාරයේ සැබෑ තොරතුරු අධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කීමට තමා සූදානම් යැයිද හිටපු ජනාධිපතිවරයා ප්‍රථම වරට ප්‍රසිද්ධියේ සඳහන් කර සිටියේය.

පාස්කු ප්‍රහාරය ආවේ කොහෙන්ද කියලා අපි දන්නවා. ඔය දැන් නඩු අහන ඒවා සහ ඒ අල්ලාගෙන සිටින ත්‍රස්තවාදීන්ගේ ඔක්කොම හරි, ඒක මම අල්ලපු අයගේ නඩු තමයි දැන් ඔය අහන්නේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් මගින්. අනෙක් පැත්තෙන් බැලුවොත් ප්‍රධාන වශයෙන්ම පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. හැබැයි ඒක මම දන්නවා, කවුද කළේ කියලා.

මට අධිකරණයෙන් යම් කිසි ඉල්ලීමක් කළොත් හෝ මට නියෝගයක් කළොත් මේ ගැන ප්‍රකාශයක් කරන්න කියලා මම ලෑස්තියි කවුද මේ පාස්කු ප්‍රහාරය කළේ කියන කාරණය හෙළි කරන්න. අනෙක් කාරණය තමයි ප්‍රධාන වශයෙන්ම එය ඉතාමත්ම රහසිගතව තබා ගැනීම විනිශ්චයකාරතුමන්ලාගේත් වගකීමක් වෙනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ අස්ගිරි මහා විහාර ඓතිහාසික ගෙඩිගේ රජමහා විහාර නව ධර්ම මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිනි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment