මීගමුව හරිශ්චන්ද්‍ර – මාතර රාහුල උ.පෙළට පෙනී සිටි සිසුන් දෙදෙනෙක්

ෆොක්ස්හිල් තරඟ ඉතිහාසයේ මුල්වරට සිදුවූවක්

අධික දූවිලි මාරකයට අතවනයි

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ තරඟාවලියේදී සිදු වූ මාරක රිය අනතුර වළක්වා නොගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රජිත උළුවිට සහ ඩිලාන් අධිකාරි යන ධාවකයින් ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා ඊයේ (22 වැනිදා) නියෝග කළේය.

මෙම අනතුරින් තුවාල ලැබූ රියැදුරන් දෙදෙනා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර මහෙස්ත්‍රාත්වරයා ඔවුන් පරීක්ෂා කිරීමට ඊයේ පෙරවරුවේ එහි පැමිණියේය.

දියතලාවේ අනතුරට ධාවකයෝ 2ක් රෝහලේදීම රිමාන්ඩ්

පසුව රියැදුරන් දෙදෙනා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් රෝහලේ ප්‍රතිකාර ලබන කාලසීමාවේ ඔවුන්ට ආරක්ෂාවක් ලබාදෙන ලෙසත් නියෝග කර ඇත.

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ තරඟාවලියේදී පෙරේදා (21දා) දහවල් සිදු වූ මාරක රිය අනතුරින් 8 හැවිරිදි දැරියක ඇතුළු පුද්ගලයෝ 07 දෙනෙක් මරුමුවට පත්වූහ. මෙහිදී 21 දෙනෙක් තුවාල ලැබූ අතර ඔවුහු දියතලාව සහ බදුල්ල රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

දියතලාවේ අනතුරට ධාවකයෝ 2ක් රෝහලේදීම රිමාන්ඩ්

ෆොක්ස් හිල් තරඟාවලියේදී 18 වැනි තරඟය ලෙස ක්‍රියාත්මක වූ ෆෝර්ඩ් ලේසර් මැස්ඩා වර්ගයේ තරඟ ඉසව්වේදී මෙම අනතුර සිදුවිය.

පැයට සැතපුම් 160ක අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථ දෙකක් ධාවන පථයෙන් ඉවත පැන ඒ අසල තරඟ නරඹමින් සිටි පිරිසක් යටකර ගෙන යෑමෙන් මෙම අනතුර සිදුවිය.

මෙහිදී තරඟකරුවන් චෝදනා කර සිටියේ තරඟ සංවිධානයේදී ඇතිවූ විශාල අඩුපාඩු හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි. තරඟය පවත්වද්දී අධික දූවිලි සහිත වීම නිසා පිටුපසින් ගමන් කරන තරගකරුවන්ට හරිහැටි මාර්ගය නිශ්චය කරගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවද තරඟකරුවෝ පෙන්වා දෙති.

දියතලාවේ අනතුරට ධාවකයෝ 2ක් රෝහලේදීම රිමාන්ඩ්

මෙම තරඟ පවත්වද්දී අධික දූවිලි පිටවීම වළක්වා ගැනීම සඳහා තරඟ දෙක තුනක් අතරතුර ධාවන පථයට ජලය ඉසීම කළයුතු වුවද එය නිසි අයුරින් ක්‍රියාත්මක කර නැති බවට චෝදනා එල්ල වේ.

ශ්‍රී ලංකා මෝටර් රථ තරඟ පිළිබඳ පාලනාධිකාරිය සහ දියතලාව යුද හමුදා විiා පීඨය සංවිධානය කළ ෆොක්ස් හිල් තරඟාවලියේදී මෝටර් රථ සහ යතුරුපැදි තරඟ 25ක් පැවැත්වීමට සූදානම් කර තිබිණි.

ඒ සඳහා තරඟකරුවන් 200කට අධික පිරිසක් එක්ව සිටියහ. මෙවැනි බිහිසුණු අනතුරක් ෆොක්ස් හිල් තරඟ ඉතිහාසයේ මුල්වරට සිදුවී ඇති බව එම තරඟාවලි සංවිධායකවරු කියා සිටිති. දියතලාව පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment