වසීම් අක්‍රම්ගෙන් දෙදින පුහුණු සැසියක්

284

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්, උසස් කාර්ය සාධන මධ්‍යස්ථාන පුහුණුකරුවන් සහ ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ පුහුණුකරුවන් ඉලක්ක කර වසීම් අක්‍රම් විසින් මෙහෙයවනු ලබන විශේෂ දෙදින පුහුණු සැසියක් අද (02 වැනිදා) සිට ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ලොව බිහිවූ විශිෂ්ටතම වේගපන්දු යවන්නෙකු වන වසීම් අක්‍රම් විසින් මෙහෙයවනු ලබන මෙම පුහුණු සැසිය ඉදිරියේදී පැවැත්වීමට නියමිත විස්සයි – 20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නන් සූදානම් කිරීමේ පියවරක් ලෙසින් ද ක්‍රියාත්මක වනු ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථාන පුහුණුකරුවන්ගේ සහ ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ පුහුණුකරුවන්ගේ දැනුම වැඩි දියුණු කිරීමත් මෙම විශේෂ පුහුණු සැසියේ අපේක්ෂාවයි.

ලොව බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නෙකු ලෙස සැලකෙන වසීම් අක්‍රම් ලෝක ශූරතාවය දිනූ පකිස්තානු කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක්ද වූයේය.

ලසිත සන්දීප

advertistmentadvertistment
advertistmentadvertistment