ආචාර්ය ගුණදාස අමරසේකර වියතාණන් සමාජය යහමඟට ගැනීමට සිය කෘතීන් ඉදිරිපත් කළා

89

බෙංගමුවේ නාලක අනුනායක හිමි

ගුණදාස අමරසේකර සූරීන් සමාජය හරි මාර්ගයට ගැනීම සඳහා සිය සාහිත්‍ය කෘතීන් ඉදිරිපත් කළ අතර, පi රචනා ද උසස් මට්ටමක පැවැති අතර, සිය නිර්මාණ කෘතීන් නිසා පාසල් ශිෂ්‍ය පිරිස මෙන්ම විශ්වවිiාල සිසුන් ද එතුමා ගැන බොහෝ කරුණු දැනගෙන තිබුණු බවත්, සමහරු අමරසේකර සූරීන් ජීවමානව නොදැක්කත් එතුමන්ගේ සාහිත්‍ය කෘතීන් තුළින් ඔවුන් එතුමා හඳුනාගෙන තිබූ බැව් ශ්‍රී ලංකා අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක සහ දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණේ මහා ලේකම් පූජ්‍යපාද බෙංගමුවේ නාලක හිමියෝ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිකුරාදා (17) සවස පැවැති උත්සවයක දී සඳහන් කළහ.

ආචාර්ය ගුණදාස අමරසේකර වියතාණන් සමාජය යහමඟට ගැනීමට සිය කෘතීන් ඉදිරිපත් කළා

සිංහල සාහිත්‍යයේ සහ ජාතික මතයේ පෝෂණයට අදාළව මහා මෙහෙවරක් ඉටුකළ සාහිත්‍යසූරි ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ 94 වැනි ජන්ම දින සමරුව නිමිත්තෙන් පැවැති “අමරසේකර අභිනන්දන” උපහාර උළෙලේ දී උන්වහන්සේ එලෙස පැවැසූහ.

දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ, රුහුණුරට භික්‍ෂු පෙරමුණ, බෞද්ධ තොරතුරු කේන්ද්‍රය සහ චින්තන පර්ෂදය එක්ව මෙම අභිනන්දන උපහාර උළෙල සංවිධානය කර තිබුණි.

ත්‍රිපිටකය ද සාහිත්‍යයක් ලෙස සලකන අතර සාහිත්‍ය පොත් පත් නාට්‍ය, චිත්‍රපට, වෙනත් මොනයම් කෘතියකින් වේවා එහි අරමුණ විය යුත්තේ සමාජය හරි මඟට ගෙන යෑමයි. අද පළ කෙරෙන පොත්පත්, නාට්‍ය, චිත්‍රපටවලින් අපූර්ව වස්තුවක් නිර්මාණය කරන්නේ නැති බවත් සමාජයේ එක් පාර්ශ්වයකට අපහාසයත්, පහරදීමත් කිරීම බහුලව දැකිය හැකි අතර, එවැනි තත්ත්වයක් මත සමාජයේ මනස විකල්වන බැව් ද පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කළහ.

ෂේක්ශ්පියර්ගේ නිර්මාණ විශ්වසාහිත්‍යයට ගැළපෙන අතර, ඕනෑම රටක ජනතාවට එම නිර්මාණ ගළපාගත හැකි බැව් ද මිනිස් සමාජයේ සිත් යහපතට යොමු කරන නිර්මාණ පමණය සාර්ථක නිර්මාණ වන්නේ යැයි උන්වහන්සේ පැවැසූහ.

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමි, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ අනුනායක අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති ඔමාරේ කස්සප අනුනා හිමි, සාහිත්‍ය සූරි ආචාර්ය ගුණදාස අමරසේකර, ආචාර්ය නලින් ද සිල්වා සහ නෙම්සිරි ජයතිලක යන මහත්වරු ඇතුළු තවත් කීපදෙනෙකුම කථා කළ මෙම උපහාර උළෙලේදී ආචාර්ය ගුණදාස අමරසේකර සූරීන්ට උපහාර සම්මානයක් ද පිළිගැන්වූහ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් ප්‍රමුඛ මැති ඇමැතිවරුන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු ගිහි පැවිදි රැසක් ම සහභාගි වූහ.
ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment