චක්‍රලේඛයට පටහැනිව ලංවීමට දීමනා වැස්සක්

364

මිලියන 418ක කතාව විගණනයෙන් එළියට

ලංකා විදුලිබල මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල තීරණයට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව ඉකුත් වර්ෂයේ දී (2022) ඉංජිනේරු දීමනාව, දිරි දීමනාව, තාවකාලික දීමනාව ආදි දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 418 මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වෙයි.

කළමනාකරණ සේවා චක්‍රලේඛය අනුව වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා නොගෙන මෙම දීමනා ගෙවා ඇති බව විගණන වාර්තාවේ සඳහන්ය.

එමෙන්ම 2008 අප්‍රේල් මස 09 වැනිදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව මෙකී දීමනා ගෙවා ඇති බව ද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment