මැයි රැලිවලට බස් 2000ක් ඉල්ලුවත් මුදල් ගෙවා ඇත්තේ 200කට පමණයි- ලංගම සභාපති

95

මැයි දින රැලි පැවැත්වෙන හෙට (01 වැනිදා) දේශපාලන පක්ෂ වෙනුවෙන් ලංගම බස් රථ 2000ක් ලබාදීමට නියමිත බවත් එහෙත් තවමත් මුදල් ගෙවා ඇත්තේ බස් රථ 200කට බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ‘දිවයින’ට ඊයේ (29 වැනිදා) පැවසීය.

ඉතිරි බස් රථ සඳහා අද (30දා) මුදල් ගෙවනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා කීය. දිවයින පුරා ඇති ඩිපෝවලින් මැයි දින රැලි සඳහා විවිධ දේශපාලන පක්ෂ විසින් බස් රථ ඉල්ලා ඇතැයි ද සභාපතිවරයා කීය.

මේ අතර හෙට පැවැත්වෙන මැයි රැලි සඳහා පෞද්ගලික බස් රථ 1500ක් පමණ ලබාදීමට සූදානම් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

දේශපාලන පක්ෂ මැයි රැලි සඳහා යෑමට බස් රථ ඉල්ලා සිටින්නේ නම් මුදල් ගෙවා බස් රථ ලබාගත හැකි බවද සභාපතිවරයා කීය. මේ අතර උද්ඝෝෂණ විරෝධතා හැර මැයි රැලි සඳහා පමණක් පෞද්ගලික බස් රථ 1000කට වැඩි සංඛ්‍යාවක් මුදල් ගෙවා ලබාගත හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවැසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment