එමිරේට්ස් ගුවන් සමාගමේ වර්ධනයට දායක වූ ශ්‍රී ලංකාවේ හොඳම ට්‍රැවල් සමාගම් 10කට ඇගයීම්

69

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ට්‍රැවල් ඒජන්ත සමාගම් සඳහා විශේෂ හමුවක් පවත්වමින් එමිරේට්ස් ගුවන් සමාගම 2023 වසරේදී සමාගමට දක්වන ලද සහයෝගය සහ කැපවීම අගය කිරීමට සම්මාන උළෙලක් පැවැත්විය.

ගෙවී ගිය වසර තුළ ගුවන් සමාගමේ විකුණුම් ජයග්‍රහණ සමරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එමිරේට්ස්හි ප්‍රමුඛතම ට්‍රැවල් ඒජන්ත සමාගම් 20ක නියෝජිතයන් සහභාගී විය.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලෙඩ් නසීර් අල් අමෙරි මහතා සහ එමිරේට්ස් හි ජ්‍යෙෂ්ඨ උප සභාපති වාණිජ මෙහෙයුම් බටහිර ආසියාව සහ ඉන්දියන් සාගර කලාපය අහ්මඩ් කුරී මහතා ගෞරවනීය ආරාධිතයන් අතර විය. ගුවන් සමාගමේ විකිණුම් උපාය මාර්ග තුළ ට්‍රැවල් ඒජන්තකරුවන්ගේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා එමිරේට්ස් ගුවන් සමාගමේ කළමනාකරු රෂීඩ් අල් ආදා මහතා පැවසුවේ,

‘එමිරේට්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපවී සිටින අතර එහි සංචාරක කර්මාන්තයේ අනාගතය පිළිබඳව සුබවාදීව සිතනවා. සංචාරකයන් මිලියන 2.5ක් සහ 2029 වනවිට මිලියන 5ක් ආකර්ෂණය කර ගැනීමේ උපාය මාර්ගයට අපගේ අඛණ්ඩ සහයෝගය තුළින් දිවයිනේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අපි ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කරමින් සිටනවා’ යැයි කීය.

එමිරේට්ස් ගුවන් සමාගමේ වර්ධනයට දායක වූ ශ්‍රී ලංකාවේ හොඳම ට්‍රැවල් සමාගම් 10කට ඇගයීම්

මෙම සම්මාන උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ප්‍රධානීන් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා නියෝජිතයන් සහ ශ්‍රී ලංකාවේ එමිරේට්ස් කාර්යාල කණ්ඩායම ඇතුළු අමුත්තන් 175 කට අධික පිරිසක් ඉදිරියේදී ට්‍රැවල් ඒජන්තවරුන් දස දෙනකුට සම්මාන ප්‍රදානය කරන ලදී.

ක්ලැසික් ට්‍රැවල්, ඉන්කියුබෙටර් ගෲප්, සෙකන්ඩ් චාන්ස් ට්‍රැවල්ස්, ට්‍රැවලර් ග්ලෝබල්, ජෝර්ජ් ස්ටුවර්ට්ස් ට්‍රැවල්, අකොන් ට්‍රැවල්ස්, මෙට්රෝ වොයේජ්, මැකින්නන්ස් ට්‍රැවල්ස්, බී.ඕ.සී. ට්‍රැවල්ස් සහ එම්.එස්.ඒ. ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් සම්මානයට පාත්‍ර වූ හොඳම ට්‍රැවල් ඒජන්ත සමාගම් දහය විය.

advertistmentadvertistment
advertistmentadvertistment