බිරිඳගේ නිරුවත ඥාතීන්ට යැවූ අමන සැමියා නිදැල්ලේ

176

තම බිරිඳ සමග අමනාපව ඇයගේ නිරුවත් ඡායාරූපයක් ඇයගේ ඥාතීන්ට යැවූ සැමියකු පිළිබඳ සිද්ධියක් මින්නේරිය පොලිසියෙන් වාර්තා වේ.

සිද්ධියට මුහුණ පෑ කාන්තාව ඊයේ (08 දා) මින්නේරිය පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳ පැමිණිලි කර ඇත.

තමන් රාත්‍රියේ ඇඟ සෝදාගෙන එන අවස්ථාවක ස්වාමියා විසින් අදාළ පින්තූරය ලබාගෙන ඇති බව කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත. සැමියා විසින් තම ඥාතීන්ට එම ඡායාරූප ඒවා ඇති බවද කාන්තාව පොලිසියට පවසා ඇත. මින්නේරිය වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුමනවීර මහතාගේ උපදෙස් මත කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උ.පො.ප. ධම්මිකා කුමාරි මහත්මිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මින්නේරිය – සුසිල් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment