නිවිතිගල හත්හැවිරිදි දැරියගේ මාරයා  අල්ලන්න එස්ටීඑෆ් විශේෂ මෙහෙයුමක

178

ප්‍රදේශයේ හිමිනමකට හා තවත් කිහිපදෙනකුට සැකකරුගෙන් මරණීය තර්ජන

නිවිතිගල දෙල්වල ප්‍රදේශයේ දී හත්හැවිරිදි දැරියක් මරා දමා සිරුර පතල් වළක දැමීම සම්බන්ධ ප්‍රධාන සැකකරු සොයා පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් විසින් කලවාන ප්‍රදේශයේ සෝදිසි මෙහයුමක් අරඹා තිබේ.

කලවාන, පනාපොළ ප්‍රදේශයේ තේ වත්තක සැකකරු සැඟවී සිටින බවට ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ තරුණයන් විසිදෙනෙකු පමණ එහි කැලෑබද ප්‍රදේශ 14 වැනිදා සෝදිසි කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ කණඩායමද 15 වැනිදා එම ප්‍රදේශයේ සෝදිසි මෙහයුමක් ආරම්භ කරනු ලැබිණි.

ප්‍රධාන සැකකරුගේ අනියම් බිරිඳගේ හත් හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහර දී මෙයට මාස හයකට පෙර ඝාතනය කර දෙල්වල ප්‍රදේශයේ පැරණි මැණික් පතල් වළකට සිරුර දමා තිබූ බව අණාවරණය වීමෙන් අනතුරුව පසුගිය 11 වැනිදා සිරුර ගොඩගනු ලැබීය.

මෙම සැකකරු ප්‍රදේශයේ විහාරාධිපති හිමිනමකට සහ ගම්වාසීන් කිහිප දෙනකුට දුරකථනයෙන් මරණීය තර්ජන කිරීම නිසා ප්‍රදේශයේ ආරක්ෂා තර කර තිබේ. සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතාගේ මෙහයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.

කහවත්ත – සමරවීර නිරෝෂණ
 

advertistmentadvertistment
advertistmentadvertistment