ෆොක්ස්හිල් අනතුරින් මියගිය හා තුවාල ලැබූ අය වෙනුවෙන් යුද හමුදාවෙන් උපරිම සහාය

190

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

දියතලාව ෆොක්ස්හිල් අනතුරින් මියගිය අයගේ පවුල්වල හා තුවාල ලැබූ අයගේ තොරතුරු සොයා ඔවුන්ට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබාදෙන ලෙස යුද හමුදාපතිවරයා හමුදාවට උපදෙස් ලබාදුන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා “ දිවයින”ට ඊයේ (22දා) පැවසීය.

මියගිය අයට හා තුවාල ලැබූවන්ට අවශ්‍ය රක්ෂණ සහතික තරගාවලිය සංවිධානය කළ පෞද්ගලික සමාගමක් මගින් ලබාදීමට කටයුතු කළ බවත්, යුද හමුදාව මගින් මියගිය අයගේ අවමඟුල් කටයුතු වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදෙන බවත් ඒ මහතා කීය.

අනතුරින් මියගිය අයගේ පවුල් වෙත යුද හමුදාව වෙනුවෙන් ශෝකය පලකරන බවද හෙතෙම කියා සිටියේය.

මියගිය අය පදිංචි ප්‍රදේශවල ස්ථාපිත යුද හමුදා බළඇණි වල සාමාජිකයන් එම අවමංගල්‍ය කටයුතු සිදුකෙරෙන තෙක් යොදවා අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment