ගණේමුල්ලේ සංජීවගේ පිස්තෝලයක් මුල්ලේරියාවෙන් හමුවෙයි

145

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන සංජීව කුමාර හෙවත් ‘ගණේමුල්ලේ සංජීව’ භාවිත කළ බවට සැක කෙරෙන පිස්තෝලයක් සහ ඒ සඳහා භාවිත කරන පතරොම් ගැබක් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇත.

රැඳවුම් නියෝග මත ගම්පහ, වීරඟුල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරන ගණේමුල්ල සංජීවගේ ප්‍රකාශවලින් පසුව මෙම පිස්තෝලය මුල්ලේරියාවේ කැලෑ බද ප්‍රදේශයක සඟවා තිබියදී සොයාගත් බව එම කොට්ඨාසය පවසයි.

2022 අගෝස්තු 6 වැනිදා උඩුගම්පොල කෙදෙල්බද්දර ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක සේවකයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සඳහා මෙම ගිනි අවිය යොදාගෙන ඇතැයි හෙළිවූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment