දියේ ගිලුණු කොස්තාපල්ගේ සිරුර ජාඇල පොලිසියට

335

ඉකුත් 23 දින මාංචු පිටින් ජාඇල ඇළට පැන පලායෑමට තැත් කළ සැකකරුවකු අල්ලා ගැනීමට යෑමේදී සැඩ පහරට අසුව ජාඇල ඇළේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්ති පිරිදාපන් කොස්තාපල්වරයාගේ නිසල දේහය මහජන ගෞරවය සඳහා ඊයේ (25) සවස ජාඇල පොලිසිය වෙත ගෙන එන ලදී.

දේහය පිලිගැනීමට වෙළෙඳ වානිජ හා ආහාර සුරක්ෂිතා කැබිනට් අමාත්‍ය නලින් ප්‍රනාන්දු, හිටපු ඇමැතිවරයකු වූ ෆීලික්ස් පෙරේරා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ සිටියහ. දේහය මහජන ගෞවරවය සඳහා පැය දෙකකට ආසන්න කාලයක් ජාඇල පොලිසියේ තබා තිබුණ අතර අනතුරුව ඊයේ දිනම (දේහය ක්‍රිෂ්ණමුර්ති කොස්තාපල්වරයාගේ චාවකච්චේරියේ නිවෙස වෙත රැගෙන යෑමට කටයුතු සලසා තිබුණී.
ජාඇල – බී. ටී. කොටින්කඩුව

advertistmentadvertistment
advertistmentadvertistment