රජයේ රෝහල්හි ඖෂධ වර්ග 39ක් කල් ඉකුත්වෙලා

548

මෙරට රජයේ රෝහල්වලට බෙදා හැර තිබු බෙහෙත් පෙති කරල් හා එන්නත් වර්ග 39ක් ඉකුත් මාස දෙකහමාරක කාලය තුළදී තත්ත්වයෙන් බාල වීම මත භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

මෙසේ ඉවත් කර ඇති බෙහෙත් පෙති කරල් හා එන්නත් වර්ග අතර ඇමොක්සික්ලව් පෙති සයික්ලෝපොස්පමයිඩ් පෙති මෙටෝප්‍රලෝල් පෙති සෝඩියම් වැල්පරෙට් පෙති මිරෝපිනම් එන්නත් ෆ්ලක්ලොක්සසිලින සිරප් හා සිප්රෝ ෆ්ලොක්සසින් අක්ෂි දියර කුප්පි වන බව එම ආරංචිමාර්ග සඳහන් කළේය.මෙම බෙහෙත් වර්ගවලින් ඇතැමක වර්ණය දුර්වර්ණ වීම හා විවිධ ආගන්තුක ද්‍රවය අන්තර්ගත වී තිබුණු බව පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ .

advertistmentadvertistment
advertistmentadvertistment