කරවල වාඩිවල සිටින දරුවන් පිළිබඳව පොලිස් විමර්ශන

1212

මුහුද ආශ‍්‍රිත ප‍්‍රදේශවල කරවල වේලන වාඩිවල බාලවයස්කාර දරුවන් සේවයට යොදාගෙන සිටින බවට පැමිණිලි ලැබී ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා ‘දිවයින’ට පැවසීය’

එම පැමිණිලිවලට අදාළ පොලිස් ස්ථාන වෙත මේ සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමා දැනුම්දුන් බවද” බත්තලංගුන්ඩුව” කල්පිටිය” ත‍්‍රිකුණාමලය ඇතුළු මහා පරිමාණ ධීවර කටයුතු කෙරෙන ප‍්‍රදේශවල බාලවයස්කරුවන් සේවයට යොදා ගෙන ඇතැයි ලැබෙන පැමිණිලි අතර තිබෙන බව ද ඇමැතිවරයා කීය’

මේ වන විට වාරකන් කාලය උදා වී ඇති නිසා සේවය සඳහා යොදාගන්නා දරුවන් කරවල වාඩිවල සහ එහි හිමිකරුවන්ගේ නිවෙස්වල සිටිනු ඇතැයි සැක කරන බවත්” ඒ අනුව එම ස්ථානවලට ගොස් පරීක්ෂා කරන ලෙස පොලිස් ස්ථාන දැනුවත් කළ බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය’

නෝමන් පලිහවඩන සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment