හිටිහැටියේම ආසාදිත ගණන ඉහළට… ඇඳන් 26,491ක කොරෝනා ලෙඞ්ඩු

582

මෙරටේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ සුළු අඩුවීමක් පසුගිය දිනවල පැවතිය ද සෞඛ්‍ය අංශ අනතුරු ඇ`ගවූ පරිදිම එය හිටිහැටියේම ඉහළ යමින් පෙරේදා (29 වැනිදා* දිනයේ යළිත් දෙදහස ඉක්මවූ ආසාදිතයන් පිරිසක් මෙරටින් වාර්තා විය.
 
ආසාදිතයන් 2370 එසේ හ`දුනාගෙන තිබුණු අතර මේ වන විට හ`දුනා ගන්නා ආසාදිතයන් අතරින් බස්නාහිර පළාතේ රෝහල්වලට පැමිණෙන වැඩි පිරිසක් රෝග ලක්‍ෂණ පෙන්නුම් කරමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා පැවසීය.
 
එම තත්ත්වය තුළ මේ වන විට කොළඹ ජාතික රෝහලේ ඇ`දන් සම්පූර්ණයෙන්ම පිරී ගොස් ඇති අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ තිබෙන ඇ`දන් ප‍්‍රමාණයට වඩා රෝගීන් පිරිසක් පැමිණීම නිසා අර්බුදකාරී තත්ත්වයත් හටගෙන තිබෙන බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ද ස`දහන් කරයි.
 
එම සංගමයේ සාමාජික වෛi ප‍්‍රසාද් කොළඹගේ පෙන්වා දෙන්නේ මෙසේ රෝගීන් වැඩි වීමට හේතුව ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප‍්‍රභේදය පැතිර යමින් තිබීමදැයි සැක සහිත බවය.
 
පවතින වසංගත තත්ත්වය හමුවේ මේ දිනවල ආසාදිතයන් වාර්තා වීමේ පැහැදිලි වැඩිවීමක් දක්නට තිබෙන බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ඊයේ (30 වැනිදා* ස`දහන් කළේය.
 
කෙසේ වෙතත් ඕනෑම අවස්ථාවක අර්බුදකාරී තත්ත්වයක් ඇති වුවහොත් රට වැසීමෙන් පමණක් එය පාලනය කළ නොහැකි බව ද පෙන්වා දුන් හේමන්ත හේරත් මහතා සියලූ දෙනා වගකීමෙන් යුතුව කටයුතු කිරීම මෙහිදී අත්‍යවශ්‍ය වන බව ද සඳහන් කළේය.
 
ආර්ථික හා සමාජ අවශ්‍යතා අනුව පවතින සීමා ලිහිල් කරනු ලැබුවද එය කළ යුතු වන්නේ ඉතා සැලකිල්ලෙන් බව ද කී හේමන්ත හේරත් මහතා රෝග ව්‍යාප්තිය අවම වන ලෙස සියල්ල සිදු කළ යුතු බවද කියා සිටියේය.
 
මෙරට කොරෝනා ආසාදිතයන් ස`දහා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 224 ක ඇ`දන් 32831 වෙන්කර ඇති අතර මේ වන විට ඉන් ඇ`දන් 26491 භාවිතයට ගෙන ඇතැයි ද සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (30 වැනිදා* පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.
 
එසේම අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් වෙන් කර ඇති දැඩි සත්කාර ඇ`දන්වලින් ඇ`දන් 77ක දැනට රෝගීන් ප‍්‍රතිකාර ලබමින් සිටින බව ද එහිදී ස`දහන් විය.
 
මෙරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මෙසේ යළි ඉහළ යමින් තිබියදී කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ 66ක් ඉකුත් 28 වැනිදා දිනය තුළ වාර්තා වී තිබිණි.
 
එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව ද 4324 දක්වා ඉහළ ගියේය. මේ අතර කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණයට ලක්වූ කිසියම් අයකුට විදේශගත වීම සඳහා එන්නත ලබා ගැනීම පිළිබ`ද සහතිකයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ ස`දහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ද මේ වන විට රජය පියවර ගෙන ඇත.
 
ඒ අනුව ජාතික හැ`දුනුම්පත, එන්නත් ලබා දීමේදී නිකුත් කරන ලද කාඞ්පත සහ විදේශ ගමන් බලපත‍්‍රය සමග පිටත්ව යන විදේශ ගමනට අදාළ ලියකියවිලි සමග ළ`ගම පිහිටි සෞඛ්‍ය වෛi නිලධාරී කාර්යාලය වෙතට යෑමෙන් එන්නත්කරණය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගන්නා පරිගණකගත සහතිකයන් ලබාගත හැකි බවද විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා පැවසීය. ඇතිවී තිබෙන වසංගත තත්ත්වය තුළ කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 1716 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විiා ඒකකය ඊයේ දහවල් නිවේදනය කළේය.
 
එම පිරිසත් සම`ග කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ප‍්‍රතිකාර ලබා පූර්ණ සුවය ලද මෙරට සමස්ත සංඛ්‍යාව ද 275212 දක්වා ඉහළ ගියේය.
 
– සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment