දැන් රෝගීන්ට දෙවියන්ගේම පිහිටයි – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

622

කොවිඞ් රෝගීන් දෙවියන්ට භාර දුන් ඇමැතිවරයාටම සෞඛ්‍ය භාරදීමෙන් ජනතාවට දෙයියන්ගේම පිහිට ලැබේවි යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවසීය.

ඇමැතිවරුන් කිහිප දෙනකුගේ අමාත්‍යංශ මාරු කරනු ලැබුවත් එය කාඞ් කුට්ටමේ එකම පිරිස නිසා රටට සුගතියක් වේයැයි සිතිය නොහැකි බවද ඒ මහතා කීය.

සෑම අතින්ම අසමත් වී සිටින ආණ්ඩුව ඇමැති මණ්ඩලයේ කිහිප දෙනකු මාරුකර ජනතාවට ගුණාත්මක සේවයක් කරන බව පෙන්වීමට උත්සාහ කළද මේ වනවිට මුළු ආණ්ඩුවම ෆේල් වී සිටින බව ජනතාවට පෙනී ගොස් තිබෙන බවද එජාප මහ ලේකම්වරයා පැවසීය.

සෞඛ්‍ය ඇමැතිවරයා මාරු කළත් පත්වන ඇමැතිවරයාට කොවිඞ් කමිටුවට අවශ්‍ය ආකාරයට වැඩ කිරීමට සිදුවන බව කී ඒ මහතා, සෞඛ්‍ය අමාත්‍ය ධුරයට රමේෂ් පතිරණ මහතා හෝ සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පත්කිරීමට සුදුසුව තිබුණු බවද කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment