සෞඛ්‍ය සේවකයන්ට තෙවැනි එන්නතක්

300

සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ සියලූ සේවකයින් සඳහා කොවිඞ් තෙවන එන්නත් මාත‍්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පෙරේදා (19 දා) පස්වරුවේ පැවැති සාකච්ඡුාවකදී එන්නත ලබාදීමට එකගතාවයට පැමිණි බව එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා පැවසීය.

පවතින කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය සේවකයින් කොවිඞ් වෛරසයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බවට එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සෞඛ්‍ය සේවා අධ්‍යෂ ජනරාල්වරයාට කියා තිබේ.

පවතින අවදානම සැලකිල්ලට ගනිමින් සියලූම සෞඛ්‍ය සේවකයින් සඳහා තෙවන එන්නත් මාත‍්‍රාවක් ලබාදීමට අවධානය යොමු කරන ලෙස එම සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සෞඛ්‍ය සේවකයින් දෙවන කොවිඞ් එන්නත් මාත‍්‍රාව ලබාගෙන මාස 5ක කාලයක් ගත වූ පසු තෙවන කොවිඞ් එන්නත් මාත‍්‍රාව ලබාදීමට එහිදී එක`ගතාවයට පැමිණි බවද ඒ මහතා වැඩිදුරටත් කීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment