බිත්තරය රු. 40 ට අඩුවෙන් – සංගම් සභාපති කියයි

125

ඉදිරි සති දෙකේදී බිත්තරයක් රුපියල් 40 ටත් අඩුවෙන් ලබාදිය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ‘දිවයින’ට පැවසීය.

ඒ තත්ත්වය තුළ රජය පිටරටින් බිත්තර ගෙන්වන එක නතර වේවි යැයිද හෙතෙම කීය.

ජනතාවට සහන මිලට බිත්තරයක් ලබාදීම තම සංගමයේ අරමුණ බවද ඔහු කීය.

ඔහු මෙසේද කීය. දැන් මේ පිටරටින් ගෙන්වන බිත්තරවලට වඩා ලංකාවේ බිත්තරයක් අරගෙන කන එක ලාභයි. කොහොමත් බිත්තරයක මිල තව පහළට යනවා. ඒ අනුව බිත්තරයක මිල රුපියල් 40 ටත් වඩා පහළ යනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment