තිබහ වන තෙක් නොසිට වතුර බොන්න

116

උදේ 11 සිට හවස 3 තෙක් අව්වට යන්න එපා

පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පිපාසය දැනෙන තෙක් නොසිට හැකිතාක් ජලය පානය කරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

එහිදී වැඩිහිටි අයෙකු අවම වශයෙන් දිනකට ජලය ලීටර් 2.5ක් පානය කළ යුතු බවත් කාර්යාංශය පවසයි. කිසිසේත්ම පිපාසයට ජලය වෙනුවට පැණි බීම වර්ග පානය කිරීමෙන් වළකින ලෙසද ඔවුහු පැවසූහ.

තවද වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක්වීමේ අවදානම වැඩි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය කරුණක් බව ද සඳහන් කෙරිණි. පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වී ගතකරන කාලය අවම කරන ලෙසත් හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම්වලට යොමුවීම වැදගත් බවත් කාර්යාංශය කියයි. කුඩ සහ තොප්පි භාවිතයට හැකිතාක් යොමුවන ලෙස ද එම කාර්යාංශය වැඩිදුරටත් ජනතාවට පවසයි.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment