මාර්ග නීති නොතකන රියැදුරන්ට සමාවක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

83

අලුත් අවුරුද්දට නෑගම් ගොස් යළි වාහනවලින් පැමිණීමේදී නිසි ලෙස මාර්ග නීති පිළිපදින ලෙසත්, මාර්ග නීති නොපිළිපදින රියැදුරන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ‘දිවයින’ට ඊයේ (16දා) පැවසීය.

අවුරුදු දින කීපය තුළ බොහෝ රියැදුරන්ගේ අපරික්‍ෂාකාරී රිය ධාවනය අනතුරුවලට බලපා ඇතැයි ද හෙතෙම කීය.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන් වැඩිපුර මාර්ගයේ යොදවා ඇතැයි පැවසූ ඒ මහතා, නැවත නිවෙස් බලා පැමිණීමේදී අධික වේගයෙන් හා අපරික්‍ෂාකාරී අන්දමින් වාහන නොපදවන ලෙස රියැදුරන්ගෙන් ඉල්ලා සිටියේය.

පවතින වැසි තත්ත්වය හමුවේ මාර්ගය ලිස්සනසුලු විය හැකි බැවින් තම රථය ඉතා සැලකිල්ලෙන් පදවන්නැයි ඉල්ලා සිටි ඒ මහතා මේ දිනවල දියේ ගිලීම්වල ද වැඩිවීමක් දක්නට ඇති බැවින් නෑමට නුසුදුසු ස්ථානවල දිය නෑමෙන් වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment