අවුරුද්දට බිත්තර මිල අඩුවෙනවාලු

79

දේශීය බිත්තරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 35 ට ගෙන ඒමට නියමිත යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.දෛනික දේශීය කුකුළු බිත්තර නිෂ්පාදනය සමස්ත දෛනික අවශ්‍යතාවය ඉක්මවා ගොස් ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.සාමාන්‍යයෙන් මෙරට දෛනික බිත්තර අවශ්‍යතාවය බිත්තර ලක්ෂ 65කි. දැනටමත් දේශීය කුකුළු ගොවිපොලවල බිත්තර නිෂ්පාදනය ලක්ෂ 75 ඉක්මවා ගොස් ඇති බව බිත්තර නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගේ සංගමය දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment