Ex-Pack Corrugated Cartons සමාගම, දෙවැනි වරටත් කාබන් ශූන්‍යතා සහතිකය හිමිකර ගනියි

42

ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම, ඇබර්ඩීන් හොල්ඩින්ග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධිත ආයතනයක් වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, අඛණ්ඩව දෙවැනි වසරටත් කාබන් ශූන්‍යතා සහතිකය හිමිකර ගැනීමට පසුගියදා සමත්විය.

ශ්‍රී ලංකාවේ ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රමුඛ සමාගමක්වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, වර්ෂ 1998දී ආරම්භ කරන ලද අතර, මේ වනවිට දේශීය මෙන්ම ජාත්‍යන්තර ගැනුම්කරුවන් රැසක් වෙත බහුවිධ සහ තිරසර ඇසුරුම් නිෂ්පාදන සැපයීමෙහි නිරතව සිටියි. ISO 9001-2015, ISO 14001-2015, FSC COC, WRAP වැනි සහතික හිමිකරගෙන සිටින සමාගම, NCE අපනයන සම්මාන, CNCI සම්මාන, Lanka Star සම්මාන, NBE සම්මාන, Lanka CSR සම්මාන සහ හරිත සම්මාන ආදියෙන් ද පිදුම් ලබා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment