‘අකුර’ නිර්මාණකරුවන් ප්‍රතිභාව විදහා දක්වන 42 වැනි ජාතික යොවුන් නාට්‍ය උළෙල 16 සිට 31 දක්වා එල්ෆින්ස්ටන් රඟමඬලේදී

111

ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය එක්ව ජාතික තරුණ සේවා සභාව සංවිධානය කරන ජාතික යෞවන නාට්‍ය උළෙල ඔක්තෝබර් 16 දා සිට 31 දා දක්වා සෑම දිනකම මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ප.ව.6.00 ට පැවැත්වේ.

යොවුන් නාට්‍ය උළෙල මෙවර පැවැත්වෙනුයේ 42 වැනි වරටය.

මෙම මස 16 වැනිදා චතුර ජයවර්ධනගේ ‘Listen to Me’, ගායනා සඳකැලුම්ගේ ‘කළුවර රැඟුමක්’, පුර්ණජිත් අනුරාධගේ ‘තුංතුඹමල්’, 17 වැනිදා හසින්ත මධුමාල්ගේ ‘ඒක ඉස්සර කතාවක්’ ඩිල්ෂාන් තිලංකගේ ‘ටික් ටික්’. බාස්කර් ක්‍රිෂාන්ගේ ‘පංචාලි’, තිළිණ ජයමාල්ගේ ‘විජයභූමි’, සුමුදු නෙත්තිආරච්චිගේ ‘සුහුරු කිස’, 18 වැනිදා නදුනි වනිගසුන්දරගේ ‘රතු පාට මල්’, සුරේෂ් මදුෂාන්ගේ ‘Mr ගජනායක’, එස් ක්ලින්ටන්ගේ ‘මන්දි’ (දමිළ), යමිත් ශ්‍රී ග්‍රේෂන්ගේ ‘ගමනක් යං’,19 වැනිදා දේදුනු සංගීතා කළුපහනගේ ‘බයිලා ගහන දවසක්’, 19 දා චතුරංග පෙරේරාගේ ‘Let’s marry’, කේ. චන්ද්‍රමේගන්ගේ ‘සූනියම්’ (දමිළ), කසුන් වඩුමේස්ත්‍රිගේ ‘මං ටොමී හිල්ෆිගර්’, 20 වැනිදා පැතුම් සඳනුවන්ගේ ‘පැනල යං’, පංචලි විහංගාගේ ‘Witches’, සචිනි චමෝදි කෞශල්‍යාගේ ‘හිරු ඌරල’ (දමිළ), පිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ ‘කොම්රේඩ්’, 23 වැනිදා පිනිදු පද්ම ශ්‍රී බණ්ඩාරගේ ‘හීන අරං පාරේ හිටං’ (දිගුනාට්‍ය), 24 දා දුලාන් වීරසිංහගේ ‘රැඩිකල් ප්‍රේමයක්’, 25 දා චමෝදි දයාවංශගේ ‘මං ඇතුළේ ඝාතකයෙක්’ (දිගු නාට්‍ය), 26 දා දිලාන් නවිඳු ගුණහේරත්ගේ ‘ඩෙසිඩෙරාටා ආශාවේ වස්තුව’, 30 වැනිදා මොහොමඩ් රාෆිගේ ‘කවිකාරයා’ හා 31 වැනිදා සුරේෂ් මධුෂාන්ගේ ‘සක්වල රිය’ යන දිගු නාට්‍යය ද වේදිකාගත වේ. මෙම සියලු නාට්‍ය නොමිලේ නැරඹීමට ප්‍රේක්‍ෂක ඔබට අවස්ථාව සැලසෙයි.

● ඩබ්. ඒ. තියුමලී දිනිතිකා

advertistmentadvertistment
advertistmentadvertistment