ආරවුල දුර දිග ගොස් අයියා එල්ල කළ උදලු පහරින් මල්ලී මරුට

206

ගල්නෑව පොලිස් වසමේ බුල්නෑව, හිරිපිටියාව ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් වැඩිමහල් සොයුරා එල්ල කළ උදලු පහරකින් තම බාල සොහොයුරා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුකන, සිරිමාගම ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. ඒ. ලලිත් චන්ද්‍රකුමාර නම් 46 හැවිරිදි තිදරු පියෙකි. ඔහු නාවික හමුදාවේ සේවය කර ඇති අතර අනතුරකින් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වීමෙන් පසු විශ්‍රාම ලබා සිට ඇත.

ඉකුත් 27 දා රාත්‍රී 8.30ට පමණ සොයුරන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී ඇති අතර බහින් බස් වීම දුරදීග යෑමෙන් පසු පසුපසින් පැමිණි වැඩිමල් සොයුරා විසින් බාල සොයුරාගේ හිසට උදැල්ලේ තලය ප්‍රදේශයෙන් හිසට පහරදී බිම වැටුණු පසු හිසට නැවතත් පහර 03 ක් පමණ උදැල්ලෙන් කෙටූ බව සිද්ධිය ඇසින් දුටු ඔවුන්ගේ මව පැවසුවාය. තමන්ට දරුවන් තිදෙනෙකු සිටින බවත්, දෙවැනි දරුවා අවිවාහක බවත්, ඔහු තමන් සමඟින් මහ ගෙදර ජීවත් වන බවත්, බාල පුතු මෙලෙස දෙවැනි පුතු අතින් ඝාතනයට ලක් වූ බවත් මව පැවසුවාය.

උදැල්ලෙන් පහරදීමෙන් අනතුරුව දෙවැනි පුතු නිවසින් පළා ගිය බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කඩිනමින් ගල්නෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළද ඔහු ජීවිතක්ෂයට පත් ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ඝාතනය සිදු කළ සැකකරු පලාගොස් බස්නැවතුම රැදී සිටියදී අත්අඩංගුවට ගත් බවද ගල්නෑව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

තිසර සමල් – අනුරාධපුර සහ මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment