ඉන්දීය සාගරයේ භූමිකම්පා 4ක් – ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

145

ඉන්දීය සාගරය තුළ ඊයේ (29දා) උදෑසන භූ කම්පන හතරක් වාර්තා විය.

අලුයම භූ කම්පන දෙකක් ද ඉන් පසු පෙරවරු 8.00ට පමණ තවත් භූ කම්පන දෙකක් ද වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්‍ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි.

පළමු භූ කම්පන දෙක රිච්ටර් මාපක 4.8ක් සහ 5.8ක් ලෙස වාර්තා වී තිබිණි.

දෙවැනි භූ කම්පන දෙක රිච්ටර් මාපක 5.2ක් සහ 5ක් ලෙස සටහන්ව තිබේ. ඉන්දියානු සාගරයේ මාලදිවයින ආසන්නයේ මෙම භූ කම්පන දෙක වාර්තා වී ඇත.

කෙසේ වෙතත් මෙම භූ කම්පනවලින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බවද භූ විද්‍යා සමීක්‍ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment