කොරෝනාට වඩා ඩෙංගු පැතිරෙනවා : මර්දනයට පෙළ ගැසෙන්න

101

කොවිඞ් වෛරසයට වඩා ප‍්‍රබලව සහ ශීඝ‍්‍ර ලෙස රට පුරා ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍යරුක්ෂාන් බෙල්ලන මහතා ‘‘දිවයින’’ට ඊයේ (28දා) සඳහන් කළේය.

මදුරු ඝනත්වය ඉහළ යෑමත් සම`ග ඩෙංගු වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් එය සියයට 600 සාපේක්‍ෂව බස්නාහිර පළාතේ වැඩි අගයක් පෙන්නුම් කරන බවද හෙතෙම කියා සිටියේය.

මෙම තත්ත්වය තේරුම් ගනිමින් ඩෙංගු මර්දනය සඳහා මේ මොහොතේ ප‍්‍රමුඛත්වය ලබාදිය යුතුව ඇතැයි ද කී ඒ මහතා කොවිඞ් පසු පසම දිවයෑම කාලෝචිත නොවන බවද පැවසීය

වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍යරුක්ෂාන් බෙල්ලන මහතා මෙසේද කීවේය.

මේ වෙලාවේ කොවිඞ් ජාන විශ්ලේෂණ පසු පසම දිවයෑම කාලෝචිත නැහැ. ජාන විශ්ලේෂණ වැදගත් වෙන්නේ එක් එක් ප‍්‍රභේද වල විශාල විකෘතිතා පවතිනවා නම් පමණයි. දැනට ඇල්ෆා, ඔමික්‍රෝන් විශාල විකෘති වාර්තා වී නැහැ.

නමුත් අපේ රටේ මේ වෙලාවේ ලොකුම අවධානම පවතින්නේ ඩෙංගු රෝගයට. ඩෙංගු රක්තපාත තත්ත්වය පිළිබඳව මේ වනවිට රෝගීන් විශාල ලෙස වාර්තා වෙනවා. සෞඛ්‍ය අංශ හැමෝම එක්ව සූදානම් විය යුත්තේ වහාම ඩෙංගු මර්දනය සඳහායි

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment