රනිල්ගේ වැඩපිළිවෙළ හැමෝම අගය කරනවා – සජබ මන්ත්‍රී ෆවුසි

448

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය බොහෝ දෙනකු දැන් අගය කරන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ. එච්. එම්. ෆවුසි මහතා ‘දිවයින’ට ඊයේ (6 දා) කියා සිටියේය.

ඒ මහතා මෙසේද පැවසීය. හොඳ දෙයක් කළාම ඒක අගය කරන්න ඕනෑ. පසුගිය කාලයේ රනිල් මහත්තයාව ඉවත් කළේ යූ ඇන් පී කට්ටියයි.

අද වෙනවිට ඔහු එසේ ඉවත් කළ උදවියම පිළිගන්නවා. රට කළින් තිබූ තත්ත්වයට වඩා දැන් තත්ත්වය හොඳ අතට පත්වෙලා. ත්‍රස්ත විරෝධී පනත පිළිබඳව මට යමක් කියන්න බැහැ. මුලින්ම ඒ ගැන හොඳ විමර්ශනයක් කළ යුතුයි.

බලමු ඉදිරියේදී මොනවාද වෙන්නේ කියලා.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment