දිනකට 15,000 ක් රට යති – ගුවන් තොටේ ස්ථාන 3ක පරීක්‍ෂාව දෙකකට බස්සයි

881

මේ දිනවල විදෙස්ගත වන සංඛ්‍යාව දිනකට 15,000 කට ආසන්න යැයි ගුවන්තොටුපළ සමාගම සඳහන් කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය කියයි.

මේ නිසා ගුවන් ගතවන මඟීන් ස්ථාන 3කින් ස්කෑන් පරීක්‍ෂාවට ලක්කිරීම නිසා උද්ගතව තිබූ තදබදය සහ මඟී අපහසුතාව සලකා ස්ථාන 2කදී පමණක් විශේෂ ස්කෑන් පරීක්‍ෂාවකට ලක්කිරීමට පියවර ගෙන ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම කියයි.

මේ අතර නවීන තාක්‍ෂණයෙන් යුත් කැමරා 446කින් ලබාගන්නා රූප රාමු ඇතුළත් ආරක්‍ෂිත සී.සී.ටී.වී. කැමරා පද්ධතියකින් යුතු පැනලයක් මගින් පැය 24 ක් පුරා නිරීක්‍ෂණ සිදු කරන බවත් සිවිල් ඇඳුමින් සැරසුනු ගුවන්තොටුපළ නිලධාරීන් හා ත්‍රිවිධ හමුදාවන්ගෙන් සමන්විත ආවේක්‍ෂණ කණ්ඩායම් පිටත්වීමේ හා පැමිණීමේ පර්යන්තවල සේවයේ නිරත වන බවත් එම සමාගම කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment