කෑලි එකලස් කර සැකසූ හොර යතුරුපැදි විකුණන මගඩියක් වලානෙන් අල්ලයි

337

කෝටි 2ක යතුරුපැදි සොයා ගැනේ

ජපානයේ හැදූ බවට අඟවන කූඨ ලේඛනත් සකසලා

කුරුණෑගල, වාරියපොළ, මාස්පොත, නාත්තන්ඩිය සිට ජාවාරම ජයටම කෙරිලා: මිලදී ගත් අය ලියාපදිංචි කරගත නොහැකිව අමාරුවේ

විදේශයන්හි සිට ආනයනය කරන යතුරුපැදි කොටස් යොදා ගනිමින් යතුරුපැදි එකලස් කර ව්‍යාජ ලියවිලි සහිතව විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් අල්ලා ගැනීමට වලාන දූෂණ මර්දන අංශය ඊයේ (25දා) සමත්විය.

කුරුණෑගල, වාරියපොල, මාස්පොත හා නාත්තන්ඩිය කේන්ද්‍රකර ගනිමින් රජයට හිමිවිය යුතු කෝටි ගණනක බදු මුදල් අහිමි කරමින් මෙලෙස යතුරුපැදි එකලස් කර විකුණන මධ්‍යස්ථාන 4ක් ද ඊයේ වටලා මෙලෙස සකසා විකිණීමට තිබූ රුපියල් කෝටි 20ක් වටිනා යතුරු පැදි 45ක් ද අත්අඩංගුවට ගැනිණි.

48 සීසී සහ 49 සීසී වර්ගයේ ස්කූටි හා මෝපෑඩ් යතුරු පැදි ද මෙම තොගයට අයත් වේ.

මෙම වාහන ජාවාරමට හසුවී මිලදී ගත් යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමට නොහැකිව මහජනතාව අසරණව සිටින බව පොලිසිය කියයි.

කෑලි එකලස් කර සැකසූ හොර යතුරුපැදි විකුණන මගඩියක් වලානෙන් අල්ලයි

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍ර. පො. ප. ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව එම තොරතුර සඳහා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරි සමන්තිලක වැලිවිට මහතා සමග සිදු කළ මෙහෙයුම් සැලසුමකට අනුව එම තොරතුරු සඳහා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ බුද්ධි අංශ නිලධාරීන් යොදවා සිදු කළ ආවේක්ෂණ රාජකාරිවලින් පසු මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය බළකායේ කණ්ඩායම් 04ක් යොදවා යුක්තිය මෙහෙයුමට සමගාමීව මෙම මෙහෙයුම් සිදුකර තිබේ. මෙම යතුරුපැදි අලෙවි කරනු ලබන මධ්‍යස්ථානවල හිමිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම යතුරුපැදි කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයන කරනු ලබන ව්‍යාපාරිකයකු විසින් යතුරුපැදි අමතර කොටස් වශයෙන් ගෙන්වා එකලස් කර තම මධ්‍යස්ථාන වෙත විකිණීම සඳහා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එක් යතුරුපැදියක් ලක්ෂ 3 – 5 අතර මිලකට අලෙවි කර ඇති බව ද හෙළිවී තිබේ.

ජාවාරම්කරුන් විසින් මෙම යතුරුපැදි ජපානයේ නිෂ්පාදිත යතුරුපැදි බවට ලියාපදිංචි කිරීම සඳහා කූට ලේඛන සකස් කර ඉදිරිපත් කරන බවට අනාවරණය වූ කරුණු මත වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

යතුරුපැදි අලෙවි මධ්‍යස්ථානයන්හිදී අත්අඩංගුවට ගත් මෙම යතුරුපැදි වැඩිදුර විමර්ශන සඳහා එම අලෙවි මධ්‍යස්ථානය අයත් පොලිස් වසම අනුව වාරියපොල සහ කුරුණෑගල පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කර ඇත.

කෑලි එකලස් කර සැකසූ හොර යතුරුපැදි විකුණන මගඩියක් වලානෙන් අල්ලයි
දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ සමන්තිලක වැලිවිට
කෑලි එකලස් කර සැකසූ හොර යතුරුපැදි විකුණන මගඩියක් වලානෙන් අල්ලයි
ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍ර. පො. ප. මහේන්ද්‍ර සිරිවර්ධන, පො. ප. ජනිත සම්පත්, උ. පො. ප. සඳරුවන් ජයවීර, ප්‍රේමසිරි, සුපුන් පො. සැ. 30115 කරුණාදාස, 409 විජේරත්න, 428 ජයලාල්, 51068 පුෂ්පකුමාර, 1445 බටුවත්ත, 38713 ක්‍රිෂාන්ත, 75056 ඉන්දික, පො. සැ. රි. 6462 බණ්ඩාර, පො. කො. 35039 මධුසංක, 39850 අශාන්, 65921 චමින්ද, 66717 විජේරත්න, 77090 බාලසූරිය, 84889 උදය කුමාර, 87119 අමිල, 87154 තෙන්නකෝන්, 90452 ලෝකනාදන්, 91287 සංජීව, 91305 රශ්මික, 93681 ජයසේකර, 94009 සියන්ත, 100677 ලක්ෂිත, 104327 දිල්ශාන්, 104547 කුරුකුලසූරිය, 104644 තිලකරත්න, 104891 හිරුෂාන්, 105086 කේසුමාරන්, 104914 වෙන්මදිරාජා, 105096 කුමාර, පො. කො. රි. 16227 උදාර, 80501 තිසර, 94734 රුද්‍රිගු යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment