දිල්ලි කැපිටල්ස්ට තියුණු ජයක්

80

අයි.පී.එල්. තරගාවලියේ 40 වන තරගය ලෙස ගුජරාට් ලයන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර පෙරේදා (24 දා) පැවති තරගයෙන් ලකුණු 1ක තියුණු ජයක් අත්කර ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 224 ක් රැස් කළ අතර ගුජරාට් ලයන්ස් කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 220ක් පමණි.

දිල්ලි කණ්ඩායම වෙනුවෙන් නායක රිෂාබ් පාන්ට් පන්දු 43 කින් ලකුණු 88 ක් ලබාගත් අතර තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමි විය.

අවසාන පන්දු වාරයේදී ලකුණු 19ක් ගුජරාට් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණු අතර ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 15ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment