ආසියාව ජය ගන්න ගිය යොවුන් සිහින බිඳ වැටේ

211

බංග්ලාදේශය හමුවේ ඊයේ (13 වැනිදා) පැවති තරගයේදී ලද පරාජයත් සමග මෙවර වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකා යෞවනයෝ අසමත් වූහ.

තරගාවලිය සඳහා කණ්ඩායම් 8 ක් එක්ව සිටි අතර කාණ්ඩ දෙකක් යටතේ තරග කළ එම කණ්ඩායම් අතරින් අදාළ කාණ්ඩයේ පළමු සහ දෙවන ස්ථාන හිමි කරගෙන සිටි කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

මෙවර තරගාවලියේ “බී” කාණ්ඩය යටතේ තරග කළ ශ්‍රී ලංකාව මූලික වටයේ තමන් මුහුණ දුන් අවසාන තරගයෙන්ද ඊයේ බංග්ලාදේශය හමුවේ කඩුලු 6 ක පරාජයක් ලැබීය.

ඒ අනුව “බී” කාණ්ඩයේ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වූ අතර පළමු ස්ථානය ලබා ගත් බංගලාදේශයත්, දෙවන ස්ථානය ලබාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අවසන් පූර්ව වටයට පිවිසීය.

“ඒ” කාණ්ඩය යටතේ පකිස්තානය සහ ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට සමත් වූයේය.

මූලික වටය යටතේ ජපාන කණ්ඩායමට එරෙහිව පමණක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබා ගත් අතර දෙවැනි තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ද කඩුලු 2 ක පරාජයක් ලැබීය.

ඒ අනුව අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ජයග්‍රහණය ලැබිය යුතුම වූ ඊයේ තරගයේදී ශ්‍රී ලංකාව පිලේ සියලු දෙනා ලකුණු 199කට දැවී ගියහ.

බංගලාදේශ කණ්ඩායම පන්දු වාර 40.5 කදී කඩුලු 4 ක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර ආරම්භක පිතිකරු රහමන් ශිබ්ලි නොදැවී ලකුණ 116ක් ලබා බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

ඩුබායි හිදී මෙම තරගය පැවැත්විණ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව 199/9(50)

පකිස්ථානය 204/4(40.5)

advertistmentadvertistment
advertistmentadvertistment