බලවේග කට්ටල නැතිව දුම්රිය වාර රැසක් 25 දා තෙක් නවතී

441

දුම්රිය බලවේග කට්ටල නොමැති වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 4 ක් අවලංගු කිරීමට දුම්රිය පාලනාධිකාරිය කටයුතු කොට ඇත.

මෙසේ අවලංගු කිරීමට කටයුතු කොට ඇත්තේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් හා කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකකි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 07.15 පාදුක්ක බලා ධාවනය වන දුම්රිය ද උදෑසන 07.02ට කොළඹ කොටුව සිට රාගම බලා ධාවනය දුම්රිය ද රාගම සිට උදෑසන 07.30 ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය හා පාදුක්ක දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.20 ට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් මෙම මස 25 වැනිදා දක්වා ධාවනය නොකිරීමට කටයුතු යොදා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment