ගෑස්පහ බාබර් සාප්පුවේ ඝාතනයට වසර 22කට පසු දෙදෙනෙක් පෝරකයට

140

අයුතු ජනරාශියක නිරතව පුද්ගලයකු පිහිවලින් කපා කොටා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කළ විත්තිකරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (29 දා) මරණීය දණ්ඩනය නියම කළේය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

2002.08.05 වැනිදා ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයක් තුළදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් පසුව සින්නයියා නඩේෂන් නමැත්තා කපා කොටා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවක් විභාග කළ විනිසුරුවරයා සිද්ධිය වී වසර 22කට පමණ පසුව එම තීන්දුව ලබා දුන්නේය.

වීරසාමි අලගේස්වර විශ්වනාදන් හා තුවාන් අසීස් රාමනාදන් යන විත්තිකරුවන්ට එලෙස මරණීය දණ්ඩනය නියම කළ අතර මොහොමඩ් නජීම් හා කොලින් වීරන් යන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරිණි.

රජයේ අධිනීතිඥ විශ්ව විජේසූරිය මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර පොලිස් සැරයන් (64895) ජී.කේ. ලීලාරත්න මහතා පිටකොටුව පොලිසිය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment