“නැකතට පැළයක්” ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව පල්ලෙකැලේ දී කරඳ පැළ රෝපණය කෙරේ

76

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව පැළ සිටුවීමේ නැකත ඊයේ (18 දා) දින පෙරවරු 10.16 ට යෙදී තිබිණි. ඒ අනුව නැකතට පැළයක් සිටවීමේ ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව පැවැත් වූ මධ්‍යම පළාත් වැඩසටහන මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා සංකීර්ණ පරිශ්‍රයේදී සිදු කරන ලදී.

එහිදී “නැකතට පැළයක් – රටට හුස්මදෙන නැකත” තේමාවට අනුව කරඳ පැළ රෝපණය කිරීම පළාත් සභා පරිශ්‍රභුමියේ දී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි, සභා ලේකම් සුජානි විජේතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් සභවේ නිලධාරිහු රැසක් එක්ව සිටියහ.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment