ලංකාවේ පළමු මැයි රැලිය

155

එදා මැයි දින උත්සව පිළිබඳ මේ රසවත් විස්තරය, ඒ.ඊ. ගුණසිංහ මහතා ළඟින්ඇසුරු කළ (පසු කාලයේ ලංකා කම්කරු සමිතියේ සභාපතිද වූ) ර.සො. කදිරගොන්න මහතා විසින් කරතිබුණේ 1985 අප්‍රේල් 28 දින ‘ඉරිදා රිවිරැස’ පත්‍රයටය.

ලංකාවේ මුල්මමැයි රැලිය හා පෙළපාලිය පැවැත්තුවේ1927 අවුරුද්දේ මැයි 1 දා, පෙළපාලියපටන් ගත්තේ කොටුවෙ කැනැල් රෝ හන්දියෙන්, රැළිය පැවැත්තුවේ දැන් ගුණසිංහ උද්‍යානය යනුවෙන් නම් කරල තිබෙන ‘ප්‍රයිස් පාක්’ එකේ.

මේ පෙළපාලිය දේශීය සංස්කෘතික නැටුම් ගැයුම්වලින් යුක්තව තිබුණා ඒක ලස්සන පෙරහැරක් වාගේ. වැඩියෙන්ම ගියේ කාන්තාවන්. හේවිසි, ලී කෙළි,බෙර, උඩරට පහතරට නැටුම් කණ්ඩායම් ගමන් කළා. මුලින්ම ගෙන ගියේ සිංහ කොඩිය. ගුණසිංහ මහතාගේ කම්කරුවන් පාලනය කිරීම සඳහා ඒ කම්කරුවන්ගෙන්ම යුක්ත වූ පොලිසියක් තිබුණා. ඒ පොලිසියේ ඉන්ස්පැක්ටර්වරු, සැරයන්වරු, කොස්තාපල්වරු හිටියා. ඒ අයට නිල ඇඳුමකුත් තිබුණා. ඔවුන් තමයි පෙළපාලිය හැසිරවීම කළේ. ආණ්ඩුවේ පොලිසිය නිකම් බලාගෙන ඉන්නවා. ගුණසිංහ මහතාගේ පොලිසිය තමයි පෙළපාලිය යන විට පාරේ වාහන හසුරුවන්නේ.

ගුණසිංහ මහතා කම්කරුවන්ට නීතියක් දාල තිබුණ මැයි දිනයදා කිසිම කෙනෙකුට මත්පැන් නොබොන ලෙස යමෙක් අඩියක් ගහල තිබුණ නම් එයාට ඒ වෙලාවෙම පෙළපාලියෙන් අයින් කරල දානවා.

මේ නිසා කිසිම කලබලයක් සිදුවූයේ නැහැ. ගෑනු පිරිමි ඉතා ආශාවෙන් පාර දෙපසට වී මෙය බලාගෙන ඉන්නවා. දැන් නම් පෙළපාලි යනවිට මිනිස්සු ඉන්නේ කොයි වෙලාවෙ ගල්මුල් ඒවිද කියල. එහෙම බයක් එදා තිබුණෙ නැහැ.

එදා පෙළපාලිවල සටන්පාඨ තිබුණෙ නැහැ. හැමෝම කීවේ කම්කරු ගීය කම්කරු සමගිය, සාමය, රටේ සංව්ධනය, රට හැදීම ගැනයි ඒ ගීයෙන් කියැවුණේ.

ඒ.ඊ. ගුණසිංහ මහත්තයා පෙළපාලිය ඉදිරියෙන්ම යනවා. ලොරි වැසියක නැගලා ඒ සමගම, ආර්. ඊ. ජයතිලක,සිරිල් විජේවර්ධන, ඇම්. ඇල්. ඇම්. රේයල්, බී ආර්. ද සිල්වා, ඉසෙඩ් ප්‍රනාන්දු, ඇන්. ඇම්. ඇම්. ඉෂාක් (මැද කොළඹ තුන්වෙනි මන්ත්‍රී හලීම් ඉෂාක් මහතාගේ පියා) ආදී ගුණසිංහ මහතාගේප්‍රබල අනුගාමිකයොත් ඒ මහතා සමග ඉදිරියෙන්ම යනවා.

පාර දෙපැත්තෙ මල්මාලා අත තියාගෙන පෝලිම් ගැහිල ඒවා ඔක්කොම ගුණසිංහ මහතාගේ බෙල්ලට වැටෙනවා.

ලංකාවේ පළමු මැයි රැලිය
ඒ.ඊ. ගුණසිංහ

පෙළපාලිය අවසන් වනවිට ලොරි දැසිය මල් මාලාවලින් වැහිලා.

මඟ දිගට අඩියෙන් අඩියට පාර අයිනේ රබන් ගහනවා.

ආර්. ප්‍රේමදාස අගමැතිතුමාගේ තාත්තා රණසිංහ මුදලාලි මහත්තයත් පෙළපාලිය එයාගෙ වෙළෙඳසැල ලඟින් එනවිට නොවරදවාම මල්මාලයක් දානව.

ප්‍රථම මැයි දින උත්සවය පිළිබඳ තවත් සටහනකි. මේ.

“බි්‍රතාන්‍ය ජාතිකයන්ගේ අණසකට සිරවී සිටි එම යුගයේදී කම්කරු ජනතාව සේවය කළේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ පාලනය යටතේ පැවැති වෙළෙඳ ආයතන, වතු, කර්මාන්ත ශාලා සහ සමාගම්වලය. මෙම සියලු ස්ථානවල පීඩනයට පත්ව සිටි කම්කරුවන්ට එකල මාර්ගෝපදේශකයා වූයේ ගුණසිංහ මහතා පිහිටවූ ලංකා කම්කරු සංගමයයි.

ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් පැවැත්වූ පළමු මැයි දින සැමරුමේ පරමාර්ථය වූයේ කම්කරුවන්ගේ එකමුතුකම, සහයෝගය ඇති කිරීම සහ එය ප්‍රදර්ශනය කිරීමටත්, එමගින් ආණ්ඩුවට සහ හාම්පුතුන්ට බලපෑම් කළ හැකි බලයක් තමන්ට තිබෙන බව දැක්වීමත්ය.

ලංකා කම්කරු සංගමයේ මැයි දිනය රාජ්‍ය විරෝධී එකක් නොවීය. එය රාජපාක්‍ෂික බවක් ගත් එකකි. එහි රතු ධජ හැරුණු විට කම්කරුවන් අත පැවැතියේ ජාතිය රකිමු, ලක්මව සුරකිමු, උත්සාහය වඩවමු, රාජපාක්‍ෂික වෙමු වැනි සටන් පාඨයන් සඳහන් පුවරුය. එසේම වෙනත් ළෙපාලිවලට යොමුවන පිරිස් මෙන් මත්පැන් පානයකර ගමන් කිරීමටද මෙහි අවස්ථාවක් නොතිබිණ.

මේ කෘතියේම ඊළඟ පරිච්ඡේදයේ දැක්වෙන්නේ පරස්පර විරෝධී ප්‍රකාශයකි. එනම් පළමු මැයි දින උත්සවය පැවැත්වුණේ 1927 නොව 1933 දී බවය. ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සමරුව වර්ෂ 1927 දී ඒ. ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් පැවැත්වූ බවට ඇතැමුන් ප්‍රකාශ කළද බොහෝ දේශපාලන විද්වතුන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි රැළිය ගුණසිංහගේ නායකත්වයෙන් පැවැත්වූයේ 1933 වසරේදී බවයි.

විශේෂඥ වෛද්‍ය බී. ජී. ඒ. විද්‍යාතිලක
(ලියන ලද ඒ. ඊ. ගුණසිංහ චරිතාපදාන ග්‍රන්ථය අනුග්‍රහයෙනි. සරසවි ප්‍රකාශනයකි.)

advertistmentadvertistment
advertistmentadvertistment