අවිධිමත් අංශයේ ශ්‍රමිකයන්ට ගරුත්වය සහ සාරවත්භාවය ලබාදීම සඳහා ගරු සරු වෙබ් අඩවිය ජනගත කෙරේ

49

ශ්‍රමිකයාටම වෙන්වූ QR කේතයකුත් හිමිවේ

අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්‍රියාත්මක ‘ගරු සරු’ වැඩසටහන සඳහා ශ්‍රමිකයන් ඇතුළත් කරගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේ පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබුවේය.

www.garusaru.lk යන වෙබ් ලිපිනය ඔස්සේ අවිධිමත් අංශයේ ශ්‍රමිකයන්ට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේ අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව ක්‍ෂේත්‍ර විස්සකට අදාළව ශ්‍රමිකයන්ට ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වන අතර එසේ ලියාපදිංචි වන සෑම අයෙකුගේ නමකටම පුද්ගලිකව QR කේතයක් හිමි වේ.

ත්‍රිරෝද රථ රියදුරු, මෝටර් රථ කාර්මික, කලාකරුවන්, රූපලාවන්‍ය ශිල්පීන්, වඩු කාර්මිකයන්, කිමිදුම්කරුවන්, දේශීය ගෘහ සේවිකා, ධීවර කර්මාන්තය, බේකරි සහ ආහාර බෙදාහැරීම්, මාධ්‍යවේදී, පෙදරේරු, විසිතුරු ධීවර කර්මාන්තය, පින්තාරුකරු, ජලනල කාර්මික, පෙර පාසල් ගුරු, පුද්ගලික බස්රථ රියැදුරු සහ කොන්දොස්තර, තෙරපිස්ට්, ටයිල් කරන්නන්, පෑස්සුම්කරු යන කිසිදු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට දායක නොවන ක්‍ෂේත්‍ර විස්සක් සඳහා ගරුත්වය සහ සාරවත්භාවය සහිත තිරසාර ප්‍රතිලාභ හිමි වන ක්‍රමවේදයක් මේ හරහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

‘ගරු සරු’ වෙබ් අඩවිය ජනගත කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙසේ පැවසුවේය.

“ඔබව වෘත්තිකයන් විදිහට හඳුන්වන්න මේ රට සූදානම් නෑ. ඔබව අවිධිමත් කියන ගොඩට දාලා තියෙන්නේ. 1900 කම්කරු දෙපාර්තමේන්තුව හැදුනත් රාජ්‍ය පෞද්ගලික සේවකයන් වගේ ඔබව වෘත්තිකයෙක් හැටියට හැඳින්වෙන්නේ නෑ. ඒකයි අපි සේවයේ ගරුත්වය විශේෂ අංගයක් කළේ අපේ අලුත් රැකී රක්ෂා පනතේ. අපි පනත සකස් කරලා, නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙන්නේ. ඔබ ඔබේ වෘත්තීය පිළිබඳව ඔබේ වෘත්තීය සංගමය, ව්‍යවස්ථාව හදාගත්තම නීති රීති, තත්ත්වයන්, සුදුසුකම් හදාගෙන ගැසට් කරන්න අවස්ථාව ව්‍යවස්ථාව හරහා ලබා ගන්නවා. මේ රටේ කම්කරු ඇමැති, කම්කරු අමාත්‍යාංශය කියන නම් අයින් කරනවා. කම්කරුවා නැත්තටම නැති කර වෘත්තිකයන් බවට පත් කරනවා. අපිට ඔළුවට එන කම්කරුවා කියන සංකල්පය ඉවත් කරනවා යයි කීය.

advertistmentadvertistment
advertistmentadvertistment