මහ බැංකුව පොලී අනුපාත වෙනස් නොකරයි

123

මහ බැංකුවේ පොලී අනුපාත නොවෙනස්ව දැනට පවතින මට්ටමේම පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මේ අනූව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 14.50 සහ සියයට 15.50 යන දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පෙරේදා (නොවැම්බර් 23) පැවති රැස්වීමේදී මේ තීරණය ගෙන ඇත.

දේශීය හා ගෝලීය ආර්ථිකයේ සහ සාර්ව ආර්ථික ප්‍රක්ෂේපන වල මෑත කාලීන සහ අපේක්‍ෂිත වර්ධනයන් සලකා බැලීමෙන් පසු මහ බැංකුව මේ තීරණය ගෙන ඇත.

ආර්ථිකයේ ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩනයක් පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගැනීම අවශ්‍ය වන බව මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මතය වී ඇත.

අඩු උද්ධමන අපේක්‍ෂාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට මෙය උපකාරී වන අතර එමගින් උද්ධමනය ඉලක්ක ගත සියයට 4-6 මට්ටම දක්වා මැදිකාලීනව පවත්වාගෙන යෑමට හැකිවනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment