ජාත්‍යන්තර ආරක්‍ෂක සේනාවක් උතුරු නැගෙනහිරට කැඳවන්න – ශ්‍රීධරන් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයෙන් ඉල්ලයි

197

උතුරු නැගෙනහිරට වහාම ජාත්‍යන්තර ආරක්‍ෂක සේනාවක් කැඳවන ලෙස ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ බලධාරීන් හමුවී ඉල්ලා ඇත. උතුරු නැගෙනහිරට එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ ජනමත විචාරණයක් පවත්වනතුරු එම ජාත්‍යන්තර ආරක්‍ෂක සේනාව රඳවා තිබිය යුතු බව ඔහු තවදුරටත් දන්වා තිබේ. මෙම ආරක්‍ෂක සේනාව අන්තර්කාලීන ආරක්‍ෂක යාන්ත්‍රණය ලෙස නම් කරන ලෙසද ශ්‍රීධරන් ඉල්ලා ඇත. එසේම යුද අපරාධ චෝදනා එල්ලවූ හමුදා නිලධාරීන්ට එරෙහිව වහාම ක්‍රියාකරන ලෙසත් යුද අපරාධ ගැන ක්‍රියා කළ හැකි රෝම සම්මුතියට අත්සන් කරන ලෙස ශ්‍රී ලංකාවට දන්වන ලෙසද ඔහු ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලය සමග සාකච්ඡාවක් පවත්වමින් ඉල්ලා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment